ප්‍රසන්න රණතුන්ගයි හා ජනපති දන්නා රහස එළිවෙයි ! - GOSSIP9.WORLD

Post Top Ad

ප්‍රසන්න රණතුන්ගයි හා ජනපති දන්නා රහස එළිවෙයි !

Share This
බස්නාහිර මහඇමති ප්‍රසන්නද?

බස්නාහිර පළාතේ මහඇමති සම්බන්ධයෙන් රහසක් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් ඊයේ (21) හෙළි කළේය.

මිනුවන්ගොඩ - හොරම්පැල්ල ප‍්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා සඳහන් කළේ, ප‍්‍රසන්න රණතුංග මහතා යලිත් බස්නාහිර මහඇමතිවරයා ලෙස නම් කිරීමට මීට පෙර ජනාධිපතිවරයා තීරණය කර සිටි බවයි.

ඒ පිළිබදව වේයන්ගොඩ ගුවන් පාලම විවෘත කරන උත්සවයේදී ජනාධිපතිවරයා ප‍්‍රසන්න රණතුංග හිටපු මහඇමතිවරයා වෙත දැනුම් දුන් බව ද බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා කියා සිටියේය.

පක්ෂයේ ප‍්‍රතිපත්ති ද පසෙකලා මෙම තීරණය ජනාධිපතිවරයා ගත් බව ඇමතිවරයා පැවසිය.

නමුත්, පක්ෂයේ ප‍්‍රතිපත්ති කැඞීමේ අවශ්‍යතාවක් නොමැති බවත් තමන්ට වැඩිම මනාපයකින් ජනතාවගේ ඡන්දය දිනා ගැනීමට හැකියාවක් තිබෙන බවත් ප‍්‍රසන්න රණතුංග හිටපු ප‍්‍රධාන අමාත්‍යවරයා එම අවස්ථාවේදී පැවසූ බවබැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා කියා සිටියේය.

ඒ අනුව ජනාධිපතිවරයාත්, ප‍්‍රසන්න රණතුංගත් තමාත් දැන සිටි රහස දැන් රටම දන්නා බව, බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad