නොරොච්චෝලේ චීනයට පැවරීමට යයි - GOSSIP9.WORLD

Post Top Ad

නොරොච්චෝලේ චීනයට පැවරීමට යයි

Share This
නොරොච්චෝලේ බලාගාරයේ නඩත්තු කටයුතු මුළුමනින්ම චීන සමගම වෙත පැවරීම සම්බන්ධයෙන් අද (11) පස්වරුවේ මුදල් අමාත්‍යංශයේ නිලධාරින් හා චීන සමගම අතර පැවති තීරණයවී ඇතැයි වාර්තාවේ.

2011 වසරේ සිටම මෙම බලාගාරය චීනය වෙත පැවරීමට මුදල් අමාත්‍යංශයේ නිලධාරින් සැලසුම් කලද හිටපු විදුලිබල ඇමති චම්පික රණවක මහතා ඊට අනුකුලතාවයක් නොදැක්විය.

නොරොච්චෝලේ විදුලිබල ධාරිතාවය මෙගා වොට් 900ක් වන අතර, මෙම බලාගාරය චීනය වෙත පැවරුනහොත් ලංකාවේ බලශක්ති සැපයුමෙන් තුනෙන් එකක් මෙම විදේශ සමාගම සතුවේ.

මේ සම්බන්ධයෙන් විදුලිබල ඉංජිනේරුවන් බලවත් විරෝධයක් පළකර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා 13 දා මාධ්‍ය සාකච්ජාවක් කැඳවීමටද තීරණය කර ඇත.

ශ්‍රී ලංකාවේ ඉන්දන බලශක්තියෙන් සියයට 50ක් ද මේවනවිට ඉන්දියාව සතුවේ.

පවිත්‍රා ගේ බොරු කියලා
මේ අතර, ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය වසරේ ලද රුපියල් බිලියන 10ක ලාභයට හේතුව විදුලි ගාස්තුව ඉහළ දැමීම හා ජල විදුලි උත්පාදනය ඉහළ යෑම බව පවසන ජාතික විදුලි පාරිභෝගික ව්‍යපාරය, නොරොච්චෝලේ බලාගාරය මඟින් පමණක් රුපියල් බිලියන 10ක් ලැබූ බවට විදුලිබල අමාත්‍යවරිය කළ ප්‍රකාශය අසත්‍යයක් බව පවසයි.

අමාත්‍යවරිය පසුගියදා කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසූ ලෙස නොරොච්චෝලේ බලාගාරය වෙනුවෙන් චීනයට ගෙවිය යුතු සම්පූර්ණ ණය මෙතෙක් ගෙවා අවසන් කර නොමැති බවද ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරයේ උපදේශක බන්දුල චන්ද්‍රසේකර මහතා පැවැසීය.

2012 වර්ෂයේ විදුලිබල මණ්ඩලය ලැබූ රුපියල් බිලියන 167ක ආදායම 2013 වර්ෂයේදී රුපියල් බිලියන 197 දක්වා ඉහළ ගියේ විදුලි පාරිභෝගික ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් බවත් හෙතෙම අවධාරණය කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad