[DEHI NEWS] අපේ උවමනාව දෙමළ ජනතාව දිනා ගැනීමයි - ජවිපෙ නව නායක අනුර කුමාර - GOSSIP9.WORLD

Post Top Ad

[DEHI NEWS] අපේ උවමනාව දෙමළ ජනතාව දිනා ගැනීමයි - ජවිපෙ නව නායක අනුර කුමාර

Share This
ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව දිනා ගැනීමට තම පක්ෂය අසමත් වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නව නායකයා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණ විසින් පක්ෂයේ නව නායකයා ලෙස ඒකමතිකව තෝරා පත් කරගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක Gossip9 හා විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ එවැනි අත් හැරුණු හා මග හැරුණු ක්ෂේත්‍ර දිනා ගෙන ඉදිරියට යාම තම වගකීම වන බවයි.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ ඉරිදා පැවති ජනතා විමුක්ති පෙරමුණේ හත් වැනි ජාතික මහ සමුළුවේදී ඔහු ඇතුළු තිස් දෙනකු ගෙන් යුත් මධ්‍යම කාරක සභාවක් පත් කොට ගෙන තිබේ.

කාන්තා නියෝජනය
මේ තාක් විසි පස් දෙනකු ගෙන් සමන්විත වූ මධ්‍යම කාරක සභාව පුළුල් කළ ද කාන්තා හා සිංහල නොවන නියෝජනය ප්‍රමාණවත් නොවන බවයි ජවිපෙ නායකයා ගේ පිලි ගැනීම.

ඊට පත් වී ඇති එක ම කාන්තාව සමන්මලී ගුණසිංහ. එක ම සිංහල නොවන තැනැත්තා රාමලිංගම් චන්ද්‍රසේකර්.

මීට වඩා කාන්තා, දෙමළ හා මුස්ලිම් නියෝජනයක් අවශ්‍ය බව ප්‍රකාශ කළ නව නායක දිසානායක මන්ත්‍රී වරයා සඳහන් කළේ එයයි අපේ කැමැත්ත එයයි අපේ උවමනාව යනුවෙන්.

දේශපාලන මණ්ඩලය
ජවිපෙ ප්‍රධාන ලේකම් ධුරය ටිල්වින් සිල්වා අත ම පවතින අතර හිටපු නායක සෝමවංශ අමරසිංහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම් ධුරයට පත් කොට තිබේ ප්‍රචාරක ලේකම් වශයෙන් මධ්‍යම කාරක සභාව විසින් තෝරා ගෙන ඇත්තේ. විජිත හේරත්. පාලක ලේකම් වශයෙන් කේ ඩී ලාල් කාන්ත ත් මුදල් ලේකම් වශයෙන් සුනිල් හඳුන්නෙත්තිත් පත් වී තිබෙන අතර බිමල් රත්නායක ජාතික සංවිධායක ධුරයට තේරී ඇත.

ඔවුන් හය දෙනා සහ නව නායකයා ගෙනු යි ජවිපෙ ප්‍රධාන නායකත්වය වන දේශපාලන මණ්ඩලය සමන්විත වනු ඇත්තේ.

හත් වැනි ජාතික සම්මේලනයේදී සම්මත කරගත් පංචාංගයකින් සමන්විත ඉදිරි වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීම තමන් ඇතුළු පක්ෂ ප්‍රධානීන්ගේ වගකීම වන බවයි අනුර කුමාර දිසානායක පවසන්නේ.

අලුතින් පත් වූ නායකයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ සාමාජිකයන් දහස් ගණනකගේ සහභාගිත්වයෙන් පැවති ජාතික සමුළුවේ දී තමන් ගේ නාම යෝජනාව ගෙන ආවේ නායකත්වයෙන් සමුගත් සෝමවංශ අමරසිංහ බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad