මුසම්මිල්ගේ බිරිඳ එජාපයෙන් ඉවත්වෙයි - GOSSIP9.WORLD

Post Top Ad

මුසම්මිල්ගේ බිරිඳ එජාපයෙන් ඉවත්වෙයි

Share This
එක්සත් ජාතික පක්ෂ ජාතික විධායක කමිටු සාමාජිකත්වයෙන් ෆෙරෝසා මුසම්මිල් මහත්මිය ඉල්ලා අස්වන බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ති‍බේ.

වික්‍රමසිංහ මහතාට ලිපියක් යවමින් ඇය කියා සිටින්නේ මින් ඉදිරියට තමන් එක්සත් ජාතික පක්ෂය සමග කිසිඳු සබඳතාවයක් නොපවත්වන බව ය.

ෆෙරෝසා මුසම්මිල් මහත්මිය එම ලිපියෙන් අවධාරණය කරන්නේ තම සැමියා කොළඹ නගරාධිපතිවරයා වීම හෝ ඔහුගේ ඉල්ලීම මත තමන්ට ජාතික විධායක කමිටු සාමාජිකත්වය හිමි නොවූ බව ය.

කොළඹ මහ නගර සභාවේ අනුග්‍රාහකත්වයකින් තොරව කාන්තා සවිය සංවිධානය පිහිටුවා ප්‍රජා සේවා රැසක නිරත වෙමින් කළ සේවය ඇය එම ලිපියෙන් සිහිපත් කර තිබේ.
ෆෙරෝසා මුසම්මිල් මහත්මිය රනිල් වික්‍රමසිංහ මහතාට යැවූ ලිපියේ දැක්වෙන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බලයට පත් කිරීම පක්ෂ ආධාරකරුවන්ගේ එකම ප්‍රාර්ථනය වුවත්, නායකයාගේ සහ නායකත්වය මණ්ඩලයේ අර්බුදකාරී ක්‍රියා පිළිවෙත් හේතුවෙන් පක්ෂය කෙරෙහි ඇති විශ්වාසය දිනෙන් දින පළුදු වී ඇති බව ය.

එක්සත් ජාතික පක්ෂය කිහිප දෙනෙකුගේ බූදලයක් ලෙස සලකා කටයුතු කිරීම බහුතර පාක්ෂිකයින්ට කරන අසාධාරණයක් බව ද ෆෙරෝසා මුසම්මිල් මහත්මිය යැවූ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad