මාධ්‍යවේදිනී මෙල් ගුණසේකර ඝාතනයේ ඇත්ත මෙන්න - GOSSIP9.WORLD

Post Top Ad

මාධ්‍යවේදිනී මෙල් ගුණසේකර ඝාතනයේ ඇත්ත මෙන්න

Share This
'කන්ගැට්ටා' නාටකයේ දෙවන කොටස 'පේන්ට් බාස්' නාටකයයි

පසුගිය පෙබරවාරි 02 දා බත්තරමුල්ලේදී කළුබෝවිලගේ මෙල්සියා ගුණසේකර හෙවත් මෙල් ගුණසේකර නම් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියගේ කුරිරු ඝාතනය සිදුකළා යැයි දොම්පේ පදිංචි සැම්සන් ජෝෂප් ඇන්තනී නම් පේන්ට් බාස් කෙනෙක් අත් අඩංගුවට ගෙන මාධ්‍ය ඉදිරියේ සංදර්ශනයක් පැවැත්වීම කන්ගැට්ටා නාටකයේ දෙවන කොටස බව Gossip9 අභ්‍යන්තර තොරතුරු සේවය විසින් පසුගිය දින කිහිපය මුළුල්ලේ කළ දීර්ඝ ගවේෂනයකින් හෙලිදරව් වේ.

මෙම ඝාතනය සිදුකර ඇත්තේ රාජපක්ෂ රෙජීමයේ වුවමනාවට ඔවුන් විසින් යොදවන ලද සූක්ෂම ඝාතකයෙකු විසින් බවත් එය වසන් කිරීම සඳහා ජෝෂප් ඇන්තනී නම් පේන්ට් බාස් කෙනෙක් අල්ලා ඉදිරිපත් කර ඇත.

ප්‍රථමයෙන්ම සැකකරුවකු අල්ලා ගත්තා යැයි කියමින් ඝාතනයට පසුදා එනම් 03 දා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ තමන්ගේ තනතුරටත් නීතිඥ වෘත්තියටත් නිගා දෙමින් ලෝකයේ පළමුවරට ඝාතනයක නඩු භාණ්ඩ මාධ්‍ය ඉදිරියේ ප්‍රදර්ශනය කරමින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ දී කී කතා යලිත් මෙසේ මතක් කර ගනිමුු. මේ ඔහුගේ මාධ්‍ය සාකච්ඡාව 04 දා ලක්බිම පුවත්පත විසින් වාර්තා කළ අන්දමයි.


" මෙල් මෙනෙවියගේ ඝාතනයට පින්තාරු කරුවෙකු වන දොම්පේ අලූත්පාරේ සැම්සන් ජෝෂප් ඇන්තනී අත් අඩංගුවට ගෙන තිබේ.

ඇය ඝාතනය කරන්නට යොදා ගත් පිහි දෙකක්ද, ලේ තැවරුණු ඇඳුම්ද, පොලිසිය සොයා ගත්තා නඩු භාණ්ඩු ලෙස ඉදිරිපත් කරනවා. (මාධ්‍යයට පෙන්වයි) 


මෙම ඝාතනය ආණ්ඩුව කර ඇති බවට ව්‍යාජ මාධ්‍ය වාර්තා ජාත්‍යන්තර මාධ්‍යවල පලවී ඇතැයි කී පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා, ඝාතකයා අත් අඩංගුවට ගැනීමෙන් එම චෝදනා අසත්‍ය බව පැහැදිලිවම අණාවරණය වී ඇතැයි කීවා.


පැය 12 ක් වැනි කෙටි කාලයකින් ඝාතකයා අත් අඩංගුවට ගැනීම පොලිසියේ ලොකු ජයග්‍රහනයක්. එහි නියමුවා නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ. විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති අයිපී නිමල් කරුණාරත්න, මහතාගේ නායකත්වයෙන් පරීක‍ෂණ පැවැත්වූවේ.


විමර්ශණ වලදී අනාවරණය වූ ආකාරයට මේ ඝාතනය සිදුවෙලා තියෙන්නේ උදේ 7.30 ට. ඇසින් දුටු සාක්කි නොමැති නිසා විද්‍යාත්මක සාක්කි මත පරීක‍ෂණ ආරම්භ කරන්න සිදුවුනා. අපරාධ ස්ථාන පරීක‍ෂණ නිලධාරීන්, පොලිස් නිල සුනඛ අංශය, ඇඟිලි සටහන් අංශය, කැඳවූවා. සැක කටයුතු එක් ඇඟිලි සලකුණක් හමුවුනා. පොලිස් නිල සුනඛයා ගමන් කරලා නැවතුනා. යම් තැනෙක. ඒ තැන නිවසේ සීසීටීවී කැමරාවක් සවිකර තිබුනා. අපි කැමරාවේ දත්ත විශ්ලේෂණය කලා. එවිට පෙනුනා බුලත් විටක් අතේ තබාගත් කහ පැහැති ටී ෂර්ට් එකකින් නිල් පැහැති කලිසමකින් සැරසුණු අයෙක් මෙල් මෙනෙවියගේ ගෙවත්තට ඇතුළු වන ආකාරය. ඒ පුද්ගලයා ඊට ටික වේලාවකට පසු නිවසින් එළියට එන්නේ වෙනත් කලිසමක් සහ ටී ෂර්ට් එකකින් සැරසිලයි. ඒ පුද්ගලයා අත තිබූ බුලත් විට යම් තැනෙක වැටිලා තිබිලා පොලිසියට හමුවුණා. මේ පුද්ගලයා කව්දැයි කියලා සොයන කොට නත්තල් කාලයේ එම නිවස පින්තාරු කරන්න පැමිණි පුද්ගලයා බව හඳුනාගත්තා. පස්සේ දුරකථන විශ්ලේෂනයකදී එදා ඔහු ඒ ප්‍රදේශයේ සිටි බව දුරකථන සංඥා කුළුනකින් හෙළිවුනා.


ඒ අනුව රාත්‍රී 8.30 ට පමණ දොම්පේ ප්‍රදේශයට ගොස් ඔහුව අත් අඩංගුවට ගත්තා. ඔහු ඒ නිවස පින්තාරු වැඩ කරලා තිබුනේ දවස් 3 ක් විතරයි. ඒ කාලේ ඉරිදා නිවැසියන්ගේ හැසිරීම් සහ චර්යාව පිලිබඳ ඔහු යම් අවබෝධයක් ලබාගෙන තිඛෙනවා. ඉරිදාට නිවස වසා දමා නිවැසියන් පල්ලියේ දේව මෙහෙයකට සහභාගී වනවා. උදේ 6.30 යි 8.30 යි අතර කිසිවෙක් නිවසේ නැති බව දැනගෙනයි ඔහු නිවසට ඇතුළු වුනේ. එහෙත් මෙල් මහත්මිය එදා පල්ලියට නොගොස් නිවසේ රැඳීසිටින බව මේ පුද්ගලයා දැනගෙන සිටියේ නැහැ. 


සැකකරු නිවසට ඇතුළු වී සිටියදී ඒ බව දුටු මෙල් මෙනෙවිය ඔහුට දොස් කියලා තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. එවිට ඔහු ඇයව බදාගෙන මේසේ උඩ තිබුනු පිහි දෙකක් අරගෙන ඇයගේ ගෙල කපා තිඛෙනවා. කැපුම් තුවාල 6 ක් පමණ සිරුරේ තිඛෙනවා.


ඇයව මරා දැමීමෙන් පසු ඔහු ඇයගේ බ්ලැක්ඛෙරි ෆෝන් එක සොරාගත්තා. ඒ ෆෝන් එක ඔහු ලඟ තිබිලා පොලිසිය සොයා ගත්තා. ලේ තැවරිච්ච ඇඳුම් ගලවලා මෙල් මෙනෙවියගේ සොහොයුරාගේ ඇඳුමක් තමයි ඔහු ඇඳගෙන ගියේ. ඒ ඇඳුම් සියල්ල පොලිසිය සොයාගෙනයි තියෙන්නේ "
(උපුටා ගැනීම අවසන්)

පොලිස් ප්‍රකාශකයා කරන මේ කතාවේ ඇති ප්‍රධාන ගැටළුව නම් ඇසින් දුටු සාක්කි නැති මිනීමැරුමකදී ඝාතකයාට එරෙහිව භාවිත කෙරෙන වඩාත් වැදගත් වන පරිවේශනීය සාක්කි කිසිදු වගකීමකින් තොරව පමණක් නොව අමු අමුවේ නීති විරෝධීව මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කිරීමයි. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක්ද නීතිඥයෙක්ද වන අජිත් රෝහණ නීතිය නොදන්නවා නම් ඒ ගැන මෙසේ සඳහන් කරමු. 

සාක්කි ආඥා පනතේ 27 - 1 වගන්තිය අනුව යමෙක් පොලිසියකට කරන ලද කට උත්තරයක් ප්‍රකාශයක් ඔහුට එරෙහිව නඩුවේදී භාවිතා කළ නොහැකි නමුත් එකම එක දෙයක් පමණක් භාවිතා කළ හැක. එය නම් සැකකරුවෙකුගේ ප්‍රකාශයක් මත සොයා ගන්නා භාණ්ඩයයි. ඝාතනයකදී නම් එම ඝාතනයට යොදා ගන්නා ලද අවිය ඔහුගේ ප්‍රකාශය මත සොයා ගත්තා නම් එම අවිය නඩු භාණ්ඩයක් ලෙස ඉදිරිපත් කිරීමට හැකිය. නමුත් එය ලබා ගත යුත්තේ නිකම්ම නොවේ. ඊටද සාක්කි අවශ්‍යය. කරුණු රාශියක් සැපිරිය යුතුය. ඔහු කියූ පමණින් එම අවියෙන් ඝාතනය සිදුකළා කියා ඒ මදිය. එම අවියෙන් ඝාතනය සිදුකළ බව පරිවේශනීය සාක්කි වලින් තහවුරු කළ යුතුය. එනම් එම අවියේ සැකකරුගේ ඇඟිලි සටහන් හෝ ඝාතනයට ලක්වූ අයගේ ලේ හෝ ආදී කුමක් හෝ පරිවේශනීය සාක්කි වලින් තහවුරු විය යුතුමය.

එනිසාම ලබා ගන්නා නඩු භාණ්ඩය ඉතාමත් පරෙස්සමින් සාක්කි විනාශ නොවන ආකාරයෙන් ආරක්ෂාකාරී ලෙස ලබා ගත් වහාම සීල් කළ යුතුය. සීල් කොට පොලිසියේ නඩු බඩු කුවිතාන්සියේ සටහන් කර පොලිසියේ උප සේවකට බාර දිය යුතුය. ඒ බාර දෙද්දී විමර්ශන නිලධාරියාද උප සේවකද වෙන වෙනම සීල් තබනු ලැබේ. ඉන්පසු එය හැකි ඉක්මනින් අධිකරණය වෙත බාර දිය යුතුය. අධිකරණයේදී විමර්ශන නිලධාරියා සාක්කි දෙමින් නඩු භාණ්ඩය විනිසුරුවරයා ඉදිරියේදී ප්‍රවේශමෙන් විවෘත කර සටහන් යොදා යලිත් සීල් තබා රස පරීක‍ෂක වරයා වෙත යැවිය යුතුය. ඒ යවන නිලධාරියාද යලි සටහන් තැබිය යුතුය. බාර ගන්නා රස පරීක‍ෂක වරයාද සටහන් තැබිය යුතුය.

මේ තරම් දීර්ඝ ලෙස මෙම ක්‍රියාවලිය පැහැදිලි කෙළේ ඝාතනයකදී ලබා ගන්නා නඩු භාණ්ඩය කෙතරම් වැදගත්ද යන්න විස්තර කිරීමට ය.

දැන් මෙල් ගුණසේකර ඝාතනයේදී සොයා ගත්තා යැයි කියන නඩු භාණ්ඩ නීතිඥයෙකුද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුද වන අජිත් රෝහණ මාළු කඩේ මාලූ කූරි පෙන්වනවා සේ මාධ්‍යයට උස්ස උස්සා පෙන්වමින් විනාශ කරගත්තේ ඝාතනයට අදාල වටිනා සාක්කි ය. 

මොවුන් මෙසේ කෙළේ ඇයි? 
මෙකී සැම්සන් නම් සැකරුවා සහ භාණ්ඩ මෙලෝකේ ඝාතනයකට අදාල නැති තමන් විසින්ම මාධ්‍ය සංදර්ශණයක් සඳහා යොදා ගන්නා නලූවෙක් සහ නාට්‍ය භාණ්ඩ බව දන්නා නිසාය. අවශ්‍ය වන්නේ රාජපක්ෂලා බේරා ගැනීමට මාධ්‍යයට කතාවක් ගෙතීම පමණක් බව දන්නා නිසා ය.

අජිත් රෝහණගේ ප්‍රකාශයේ ඇති අනෙකුත් මන්ද බුද්ධික කතා අතර ප්‍රධානතම කතාව මෙසේය. "පොලිස් නිල සුනඛයා ගමන් කරලා නැවතුනා. යම් තැනෙක. ඒ තැන නිවසේ සීසීටීවී කැමරාවක් සවිකර තිබුනා. අපි කැමරාවේ දත්ත විශ්ලේෂණය කලා." මේ අනුව පොලිස් සුනඛයා ඉව අනුව ගොස් නැවතී ඇත්තේ සැකකරුවාගේ රූපය සටහන් සීසීටීවී කැමරාව අසලය. මෙය නම් මුළු ලෝකයම බඩ අල්ලාගෙන සිනහා ගන්වන කතාවකි. මේ සුනඛයාට පුද්ගලයෙක් භාවිතා කළ භාණ්ඩයක ඉව අනුව කැමරාවක සටහන්ව ඇති පුද්ගලයාගේ ඩිජිටල් රූපය හඳුනාගත හැකිය. අජිත් රෝහණගේ බල්ලා විද්‍යා ප්‍රබන්ධ වල එන ඩිජිටල් බල්ලෙකි.

අජිත් රෝහණ නම් සුරංගනා කතාකාරයාගේ කතාවේ අවිශ්වාසනීයම කොටස මෙසේය. මොහු මෙම නිවසේ වැඩ කළ අයෙක් බව අජිත් රෝහණ කියයි. ගෙදර කිසිවෙක් නැතැයි කියා සිතා දින කාල වේලාව බලා සොරකමට යලි ආවා යයි කියයි. එනවිට මෙල් ගුණසේකර සිටිය නිසා ඝාතනය කළා යැයි කියයි. (ඒ අතර ඉංග්‍රීසියෙන් බැන්නාලූ. කතා කළ භාෂාව පෙර කී ඩිජිටල් බල්ලාම අසා සිටින්නට ඇත) මේ කතාවේ අප්සැටි එක මෙසේය. සොරකමට යලි ආ මිනිහා නිවසේ කිසිවෙක් ඇතිදැයි නිකමට හෝ එළියේ සිට සොයා බලා නැත. ඇතුලට පැමිණි පසු එක්වරම මෙල් ගුණසේකර දුටු ගමන් සොරකම පසු දිනකට කල්දමා බොරුවක් කියා යන්න හදන්නේ ද නැත. පැන්න ගමන් මරන්නේය. මරා රුපියල් 1200 ක් පමණක් රැගෙන යන්නේය. පුදුමය නම් එයයි. මේ තරම් ඝාතනයක්ද කර රැගෙන යන්නේ පේන්ට් බාස් කෙනෙකුගේ දිනක වැටුප ය. ඒ නිවසේ තිබූ වෙනත් කිසිදු වටිනා කියන බඩුවක් රැගෙන යන්නේ නැත. මෙය නම් පුදුම කතාවකි. දොම්පේ සිට බත්තරමුල්ලට පැමිණ ඝාතනයක්ද සිදුකර පේන්ට් බාස්ගේ දිනක වැටුප පමණක් රැගෙන යයි. 

බොරුවක් හෝ ගොතා ගන්නට බැරි ගොබ්බ පොලිස් ප්‍රකාශකයාට පිලිතුරු දීම මඳකට නවතා මීලඟට Gossip9 අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වී ඇති සත්‍ය කරුණු වලින් කොටසක් මෙසේ හෙළිකරන්නෙමු.

• 2 දා රාත්‍රී 1.45 ට පමණ තලංගම පොලිසියට පැමිණෙන නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මෙල් ගුණසේකර මාධ්‍යවේදිනියක් කියා හෙළි කිරීම ගැන පොලිසියට අමු තිත්ත කුණු හරුපෙන් බැන වදින්නේ ය. සුමිත් එදිරිසිංහගේ පැමිනීම සටහන් තැබීමට රාත්‍රී කාර්ය භාර නිලධාරී හෙවත් එස්ඩීඕ උසස් නිලධාරීන්ගේ ගමන් සටහන් පොත ගෙනැවිත් දුන්පසු "ඇයි ප---යෝ මේකෙ මං ලවා ලියවලා තොපි මට කෙලවන්නද හදන්නේ ?" යයි බැන වැදී පොතෙන් නිලධාරියාගේ ඇඟට ගසා දමන්නේ ය. පසුව එම පාරේ සීසීටීවී කැමරා සවිකර ඇති නිවෙස් සොයා ගෙන එන ලෙස දන්වන්නේය. ඒ අනුව සොයා ගන්නා ලද නිවස මෙකී සීසීටීවී නිවසයි. 

• එම නිවස මෙල් ගුණසේකර නිවසට වඩා මීටර් 150 ක් පමණ ඈතින් ඇති නිවසකි. ඒ නිවසට මෙල් නිවස පෙනෙන්නේවත් නැත. එහි සීසීටීවී කැමරාවේ සටහන්ව ඇත්තේ සැකකාරයා ලෙස ඉදිරිපත් කර ඇති සැම්සන් ජෝෂප් ඇන්තනී මහ පාරේ එනවා සහ යනවා පමණි. ඔහු ගංජා කාරයෙක් මෙන් මත්ව ගමන් කරන්නෙක් බව පෙනී යෑමෙන් පසු ඔහු අල්ලා ගෙන කතාවක් ගෙතීමට තීරණය කරන්නේ ය. ඔහු අල්ලා ගැනීමට යන විට ඔහු අධික ලෙස බීමත්ව සිටි බව කියන පොලිසියම ඔහුගෙන් පැය 3 ක කට උත්තරයක් ලබා ගත්තා යැයි ද කියයි. තලංගම පොලිසියේ ක්‍රයිම් නෝට් බුක් පොතේ පිටු අංක 19 සිට අංක 41 දක්වා ප්‍රකාශ සටහන් කර ඇත. බල අපරාධ සටහන් පොතේ සැකකරුගේ පිටු 9 ක ප්‍රකාශයක් සටහන් කර තිබේ. මෙය අපූරුය. මෙලෝකේ සිහියක් නැති මත් වූ මිනිසෙකුගෙන් මෙසේ පැය ගණනක් පිටු 9 ක ප්‍රකාශ සටහන් කර ගත් එකාට මේ ලෝකේ සිහියක් තිබුනාද කියා විමසිය යුතුය.

• මෙකී පුද්ගලයා අත් අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුගෙන්ම ඉල්ලා ගන්නා ලද ටී ෂර්ටයක් පොලිස් සුනඛයාට ලබා දී කතාව ගෙතීම සඳහා යවා තිබේ. එසේ නොමැතිව ඝාතනය සිදුවූ ස්ථානයේ තිබූ කිසිවක් පොලිස් සුනඛයාට ලබා දී නැත.

• සැකකරුවකු ලෙස අහිංසකයෙකු අල්ලා ගැනීමෙන් පසුව සුමිත් එදිරිසිංහ සහ අනුර සේනානායක දෙදෙනාම ගොස් මෙල් ගුණසේකර මාධ්‍යවේදිනියගේ මවටත් පියාටත් තර්ජනය කර තිබේ. "දැන් අපි සැකකරුවක් අල්ලලා තියෙනවා. ඒ නිසා මාධ්‍යවලට කිසිදු ප්‍රකාශක් නොකිරීමට වග බලා ගත යුතුයි. එසේ කළහොත් අනෙක් දරුවාටත් කරදරයක් වුනොත් අපි වග කියන්නේ නැතැයි" කියා තර්ජනය කර ඇත.

• ඒ අනුව දෙමව්පියන් මාධ්‍ය ආයතනවලින් සහ මාධ්‍ය සංවිධාන වලින් ඉල්ලා සිටියේ පින්තූර නොගන්නා ලෙසත් කිසිදු ප්‍රකාශයක් නොකරන ලෙසත් සහ ඝාතනය සම්බන්ධයෙන් සැක යැයි කිසිවක් වාර්තා නොකරන ලෙසත් ය. දෙමව්පියන්ගේ මෙම ඉල්ලීමෙන් මාධ්‍ය ආයතන කෙසේ වෙතත් මාධ්‍ය සංවිධාන අලි අමාරුවක වැටුනේ ය. සත්‍ය දැන දැනම කට පියාගෙන සිටීමට ඔවුන්ට සිදුවූයේ දෙමාපියන්ගේ ඉල්ලීම නිසාය.

සත්‍ය වශයෙන්ම මෙල් ගුණසේකර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනිය ඝාතනය කෙළේ ඇයි?
Gossip9 අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වන අන්දමට රාජපක්ෂලාගේ රහසිගත මුදල් ගණුදෙනු ගැන විශාල තොරතුරු තොගයක් ඇය සොයා ගෙන තිබේ. රාජපක්ෂලා හම්බකරන මුදල් වලට කරන දේ ගැන තොරතුරු ද ඇය සොයාගෙන තිබේ. ඇය ලඟ එම තොරතුරු තිඛෙන බව රාජපක්ෂලාට හසුවී තිබේ. තවත් මිනිසුන් ජීවත් විය යුතු බැවින් ඒ පිලිබඳ දැනට එපමණක් පමනක් සඳහන් කරමු.

No comments:

Post a Comment

Post Bottom Ad