මරදානේ ගණිකා නිවාස 3කට පොලිසිය පනියි ! - GOSSIP9.WORLD

Post Top Ad

මරදානේ ගණිකා නිවාස 3කට පොලිසිය පනියි !

Share This
බස්නාහිර පළාත් දූෂණ මර්දන ඒකකය මරදානේ ගණිකා නිවාස තුනක් වටලා කාන්තාවන් 26 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය.

කැලණිය, ගම්පහ සහ තලවකැලේ සැකකරුවෝ පස් දෙනෙක් ගණිකා නිවාස පවත්වාගෙය යාම හා කලමනාකරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් කාන්තාවෝ දෙවිනුවර, හැටන්, රක්වාන, අවිස්සාවේල්ල, කදපොල, කල්මුණ, රත්මලාන, වරකාපොල, තලවකැලේ, නුවරඑළිය, මැදවච්චිය, කඩුවෙල, මරදාන, බටගොඩ, මිනුවන්ගොඩ, රත්මලාන, පෑලියගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් පදිංචිකාරියෝ බවද පැවසේ.

No comments:

Post a Comment

Post Bottom Ad