මාධ්‍යවේදිනියගේ මිනීමරුවා අල්ලයි ! - GOSSIP9.WORLD

Post Top Ad

මාධ්‍යවේදිනියගේ මිනීමරුවා අල්ලයි !

Share This
Update 03/02/2014 8:15pm
Sunday Times පුවත්පතේද ඒ. එෆ්. පී. ප්‍රංශ පුවත් සේවයේද ෆිච් රේටින් ව්‍යාපාරික ආයතනයේද සේවය කළ බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි නිදහස් මාධ්‍යවේදීනියක ලෙස කටයුතු කළ මෙල් ගුණසේකර මහත්මියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට දොම්පේ පින්තාරු බාස් කෙනකු (39) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඔහු දින කිහිපයක් එම නිවසේ හෝ අසළ නිවසක වැඩ කර ඇති බවත්, නිවැසියන් ඉරිදා පල්ලි යන බවත් හොඳට දැනගෙන සිටි බවත් පොලිසිය පවසයි.

ඊයේ උදේ ඔහු එම නිවසට පැමිණ ඇත. ඉදිරිපස දොරේ සොයිබය බමණක් දමා තිබුණු බවත්, එය ඇරගෙන ගේ තුළට යන විට මාධ්‍යවේදිනිය ඔහු දැක හඳුනාගෙන ඇති බවත්, ඒ සමග ඔහු ළඟ තිබූ පිහියෙන් ඇන, ගෙදර තිබූ පිහියෙන් බෙල්ල කපා ඇති බවත් සැක කරයි.

රුපියල් 1200ක් හා ජංගම දුරකතනයක් සොරා ගත් බව සැකකරු කීවත් පොලිසිය එය විශ්වාස නොකරයි. පොලිසිය කියනුයේ වැඩි මුදල් ගෙන යන්නට ඇති බවයි.

අපරාධයෙන් පසු ඔහු හංවැල්ලට ගොස් ඇති බවත්, අත්අඩංගුවට ගන්නා විට හොඳටම මත්පැන් ශරීර ගත වී තිබූ බවත් පොලිසිය කියයි.





















-සබැදි පුවත්- 
මාධ්‍යවේදිනියක් මරලා !  
බත්තරමුල්ල, ගැමුණු මාවත ප්‍රදේශයේ දෙමහල් නිවසක, මුළුතැන්ගෙයි තිබී තියුණු ආයුදයකින් ගෙල කපා ඝාතනය කරන ලද මාධ්‍යවේදිනියකගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. 
Read more: http://www.gossip9news.org/2014/02/Journalist-been-Killed.html

No comments:

Post a Comment

Post Bottom Ad