මාධ්‍යවේදිනියක් මරලා ! - GOSSIP9.WORLD

Post Top Ad

මාධ්‍යවේදිනියක් මරලා !

Share This
බත්තරමුල්ල, ගැමුණු මාවත ප්‍රදේශයේ දෙමහල් නිවසක, මුළුතැන්ගෙයි තිබී තියුණු ආයුදයකින් ගෙල කපා ඝාතනය කරන ලද මාධ්‍යවේදිනියකගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. 

ඇය ප්‍රංශ පුවත් සේවය සමග කලක් කටයුතු කළ මාධ්‍යවේදිනියක් ලෙසට ද ලැබුණු තොරතුරු මත පොලීසිය මේවන විට පරීක්ෂණ ආරම්භ කර ඇත. 

මව, පියා හා සහෝදරයා උදෑසන 6.50ට පමණ දේවස්ථානයට ගොස් නැවත පෙරවරු 8.15ට පමණ පැමිණෙන විට ඇය මුළුතැන් ගෙයි බිම වැටී සිටින අයුරු දැක පොලීසියට පැමිණිලි කර ඇත. 

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ව්‍යාපාරික අංශයක කටයුතු කරමින් සිටි මැල් ගුණසේකර (36) නැමැති ඇය අවිවාහක කාන්තාවක් බවද පොලීසිය පවසයි. 

No comments:

Post a Comment

Post Bottom Ad