දුව වෙනුවෙන් ජීවන්ගෙන් මාරුවක් - GOSSIP9.WORLD

Post Top Ad

දුව වෙනුවෙන් ජීවන්ගෙන් මාරුවක්

Share This
ඇමති ජීවන් කුමාරතුංග මහතාගේ දුව නිසා තමන්ට පළාත් සභාවට තරඟ කිරීමේ අවස්තාව අහිමි වූයේ යයි එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි මොරටුව මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී සුදත් කි‍්‍රෂාන්ත මහතා පවසයි.

මෙවර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා මට ජීවන් කුමාරතුංග ඇමතිතුමා කීවා. මම පොස්ටර් ගහලා සුහදහමු පවත්වලා අද වෙනකොට මම පළාත් සභාවට ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා මට ජනතාවට කියන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියනවා.

දැන් කියනවා මොරටුවෙන් මෙවර පළාත් සභා ඡන්දයට ඉදිරිපත් කරන්නේ අපේක්ෂකයන් දෙන්නයි කියලා, ඒ සදහා මාව තෝරා පත්කර ගන්නේ නැහැ කියනවා. මේක මට ඇමතිතුමා කරපු ලොකු අසාධාරණයක්.


පක්ෂය වෙනුවෙන් වැඩ කරන අයට මේ පක්ෂයේ තැනක් නැහැ.බොරුකාරයන්ට තමයි තැන දෙන්නේ. ඒත් මේ මොරටුවේ මට ජනතා බලවේගයක් තියෙනවා. ඒ තිබියදී ඇමතිතුමා එයාගේ දුව මල්ෂා කුමාරතුංගව ඡන්දයට ඉදිරිපත් කළා. ඇමතිතුමාගේ බලාපොරොත්තුව ඇමතිතුමා ඉටුකර ගත්තා. ඇමතිතුමාගේ දැන් අරමුණ දුවව රටේ ඉහළ පෙළේ දේශපාලන චරිතයක් බවට පත් කරන්න.


ඒත් ජීවන් කුමාරතුංග ඇමතිතුමා කලින් කීවා නම් එයාගේ දුවව ඡන්දයට ඉදිරිපත් කරනවා. අපිට අවස්ථාවක් දෙන්න බැහැ කියලා. අපිට ඊට එකග වෙන්න තිබුණා. දුව ගෙනාවේ ඇමතිතුමා අන්තිම සති දෙකේ. මේක මහ අසාධාරණයක්. ගමට පත්විය යුත්තේ ගමේ කෙනෙක්. ගමට තරග කළ යුත්තේ ගමේ කෙනෙක්. මොරටුවට තරග කිරීමට තුන්දෙනෙකුට අවස්ථාව දෙන්න පුළුවන්. ඒත් එය මෙවර දෙකකට ඇමතිතුමා අඩු කළා. "

No comments:

Post a Comment

Post Bottom Ad