බෙනරගම‍ මරා ඇළක දමයි; යසස්ගේ කොම්පැනියට සීල් ! - GOSSIP9.WORLD

Post Top Ad

බෙනරගම‍ මරා ඇළක දමයි; යසස්ගේ කොම්පැනියට සීල් !

Share This
සරත් ෆොන්සේකා මහතාගේ ‘ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන්’ මෙවර බස්නාහිර පළාත් සභාවට තරඟ කරන රවීන්ද්‍ර යසස් හා ජගත් ඛෙනරගම යන ප්‍රවීන කලාකරුවන්ට ආණ්ඩුවෙන් අනිසි බලපෑම් එල්ලවී ඇතැයි වාර්තාවේ.

ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයට ඡන්දය ඉල්ලන ජගත් ඛෙනරගම රඟපාන අයිටීඑන් නාලිකාවේ දිනපතා ප්‍රචාරය වෙමින් තිබූ පබසරා නාට්‍යයේ ඛෙනරගමගේ පණ පෙවූ නලින්ද නම් චරිතය හදිසියේම මරා ඇළක දැම්මේ ය. දැන් එහි ජගත් ඛෙනරගම නැත.

මෙහි අලූත්ම පියවර වන්නේ රවීන්ද්‍ර යසස් රඟපාමින් සිටි ස්වර්ණවාහිනී නාලිකාවේ ප්‍රචාරය වු ‘ඇන්ඩ් කොම්පැනි’ නාටක මාලාව කිසිදු හේතුවක් නොදක්වා සම්පූර්ණයෙන්ම ප්‍රචාරය කිරීම තහනම් කර තිබීමයි. රවීන්ද්‍ර යසස් ද ෆොන්සේකාගේ පක්ෂයෙන් කළුතර දිස්ත්‍රික්කය සඳහා මැතිවරණයට ඉදිරිපත් වී සිටින තරුවකි.

‘ඇන්ඩ් කොම්පැනි’ නාටකය තහනම් කිරීම ගැන රවීන්ද්‍ර යසස් ලංකා ඊ නිව්ස් වෙත ප්‍රකාශ කර ඇත්තේ, මෙය තමන්ගෙන් පළි ගැනීම සඳහා පාලකයන් විසින් මහජනතාවගේ රසවින්දනයට කරන ලද බරපතළ හිංසාවක් බවයි. ආණ්ඩුවක් මෙවැනි පහත් තත්ත්වයකට වැටීම ගැන තමන් කලාකරුවෙකු ලෙස කණගාටු වන බවද රවීන්ද්‍ර යසස් මහතා කියා සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad