[DEHI NEWS] මිගමු මංකොල්ලයට මගේ සම්බන්ධයක් නැහැ - රොයිස් ප්‍රනාන්දු - GOSSIP9.WORLD

Post Top Ad

[DEHI NEWS] මිගමු මංකොල්ලයට මගේ සම්බන්ධයක් නැහැ - රොයිස් ප්‍රනාන්දු

Share This

මීගමුවේ මංකොල්ලකෑමේ සිද්ධියට තමන්ගේ කිසිම සම්බන්ධයක් නැති බවත්, තමාගේ පා‍පොච්චාරණය ලෙස මාධ්‍යයේ පළ වූ තොරතුරු අසත්‍ය බවත්, දන්වමින් අත්අඩංගුවේ සිටින රොයිස් ප්‍රනාන්දු මහතා එක්සත් ජාතික පක්ෂයට දැනුම්දී ඇතැයි 'ලක්බිම' පුවත්පත වාර්තා කරයි.

මේ අතර, බස්නාහිර පළාත් සභා එ.ජා.ප. අපේක්ෂක රොයිස් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට පත් අවස්ථාවේදී, ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කළ ප්‍රකාශයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සහ ඊට අනුබද්ධ නීතිඥවරුන් කටයුතු යොදා තිබේ.

පක්ෂ නීති කමිටුව විසින් එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ඒ සම්බන්ධයෙන් වන මූලික කරුණු කාරණා අධ්‍යයනය කර ඇත.

මෙහිදී ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ක්‍රියා කලාපය සාක්ෂි සහිතව ඔප්පු කිරීමට කටයුතු යොදා ඇතැයි එජාප ජාතික නීතිඥ සංගමයේ ලේකම් ජේෂ්ඨ නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී පැවසීය.

‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට එරෙහිව නඩු පැවරීමට අදාළව මූලික කටයුතු පක්ෂ නීති අංශ විසින් සිදු කර අවසන් බවත්, ඔහු කීය.

එසේම, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් අධිකරණය හමුවේ නීතිමය කටයුතු ආරම්භ වීමටත් ප්‍රථම පූර්ව නිගමනයකට පැමිණ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් සහ ඔහු ඒ සඳහා යොමු වූයේ කෙසේද යන්න පිළිබඳව හෙළි දරව් කිරීමට ද එක්සත් ජාතික පක්ෂ නීති අංශය කටයුතු යොදා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad