හර්ෂ ද සිල්වා අත්අඩංගුවට? - GOSSIP9.WORLD

Post Top Ad

හර්ෂ ද සිල්වා අත්අඩංගුවට?

Share This
තමන් අත්අඩංගුවට ගැනීමට රජය සැලසුම් සකස් කරමින් තිබෙන බවට වාර්තා වන තොරතුරු සම්බන්ධයෙන් රජයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය බව එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

මෙය දින කිහිපයකට කලින් මා කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ලෝක බැංකුවෙන් දූෂණ චෝදනාව මත තහනම් කර ඇති චීනයේ China Communication Constructions Company (CCCC) ආයතනයට ලබාදීම පිළිබදව ජනතාව දැනුවත් කිරීම, මෙසේ තමන්ව අත්අඩංගුවට ගැනීමට සැලසුම් කිරීමට ආසන්නතම සිදුවීම වී තිබෙන බවද හෙතෙම සඳහන් කරයි.

කෙසේවුවද ජනතාවට සත්‍ය හෙළිකිරීම කිසිසේත්ම ජනතාව කුපිත කිරීමක් ලෙස තමන් නොදකින බවද මන්ත්‍රිවරයා ප්‍රකාශ කරයි.

හර්ෂ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පවතින බව ලංකා නිව්ස් වෙබ් අඩවිය මෙසේ වාර්තා කර තිබිණ.

" එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ සිල්වා ‘මාධ්‍ය සාකච්ඡා පවත්වමින් රජයට එරෙහිව සාවද්‍ය තොරතුරු පතුරුවා හැරීම මගින් මහජනතාව කුපිත කොට ප්‍රචණ්ඩකාරී තත්වයක් ඇති කිරීමට උත්සාහ කිරීම ‘ යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනීමට සැරසෙන බව ඉතා විශ්වාස කටයුතු දායක ආරංචි මාර්ගයකින් අප වෙත වාර්තා වේ.

මේ සඳහා ආසන්නතම හේතුව වී ඇත්තේ ආචාර්ය හර්ෂ සිල්වා මහතා මෑතකදී කොළඹ ඉඩම් කොල්ලකෑමට සහ මුහුද ගොඩකොට අක්කර 580 ක ප්‍රමාණයක නව නගරයක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය චීනයේ China Commiunication Constructions Company(CCCC) නැමැති ලෝක බැංකුව විසින් අසාදු ලේඛණ ගතකොට ඇති (Black List)සමාගමට ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබාදීම පිළිබඳව සියලු තොරතුරු ඇතුළත් මාධ්‍ය සාකච්ඡාවයි.


මෙම මාධ්‍ය සාකච්ඡාවේදී ආචාර්ය හර්ෂ සිල්වා මහතා සියලුම සවිස්තරාත්මක කරුණු හෙළිදරව් කිරීම නිසා චීන රජය ඔහු සම්බන්ධයෙන් වහාම පියවරක් ගන්නැයි ශ්‍රී ලංකා රජයෙන් කරන ලද ඉල්ලීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුවීමට නියමිතය.


ජනාධිපති කාර්යාලය විසින් ආචාර්ය හර්ෂ සිල්වා පිළිබඳව වහා සොයාබලා නිසි පියවර ගන්නැයි ඉල්ලමින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යවන ලිපියකට සටහනක් තබා ඇති ආරක්ෂක ලේකම්වරයා එය ‘සම්පූර්ණ රහසිගතයි (Strictly confidential) මුද්‍රාව යටතේ රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා නිමල් වාකිෂ්ඨ මහතා වෙත එවා තිබේ.


එහිදී ආරක්ෂක ලේකම්වරයා ලිපිය මත තැබූ සටහනේ රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියාට නියෝග කර ඇත්තේ ආචාර්ය හර්ෂ සිල්වා මහතා වහාම අත්අඩංගුවට ගෙන සාවද්‍ය තොරතුරු පතුරුවා මහජනතාව කුපිත කිරීමේ චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. ආරක්ෂක ලේකම්වරයාගේ නියෝගය සහිත මෙම ලිපිය ඊයේ (24) සවස රාජ්‍ය බුද්ධී සේවයේ ප්‍රධානියාට ලැබී ඇති අතර ඔහු වහාම රාජ්‍ය බුද්ධී අංශයේ නිලධාරීන් කිහිප දෙනෙකු කැඳවා එම ලිපිය පෙන්වමින් වහාම මේ පිළිබඳව ක්‍රියාත්මක වන ලෙස නියෝග කොට ඇත.


වාකිෂ්ඨ මහතාගේ නියෝගය අනුව රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන් මේ වන විට ආචාර්ය හර්ෂ සිල්වා මහතාට එරෙහිව ගොනුකළ හැකි චෝදනා පිළිබඳව විමර්ශනය කරමින් සිටී. එකී විමර්ශනය අවසන් වූ වහාම ආචාර්ය හර්ෂ සිල්වා අත්අඩංගුවට ගැනීමට එම නිලධාරීන් බලාපොරොත්තු වේ.


අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නැති වුවද මෙසේ අත්අඩංගුවට ගැනීමට යන්නේ හුදෙක්ම චීන රජය සතුටු කිරීමේ අරමුණෙනි. "

No comments:

Post a Comment

Post Bottom Ad