[DEHI NEWS] ෆේස්බුක් ආණ්ඩුවට විශාල හිසරදයක් වෙලා - GOSSIP9.WORLD

Post Top Ad

[DEHI NEWS] ෆේස්බුක් ආණ්ඩුවට විශාල හිසරදයක් වෙලා

Share This
ෆේස්බුක් (facebook) සමාජ වෙබ් අඩවිය භාවිතය තුළින් විශාල සමාජ ප්‍රශ්නයක් නිර්මාණය වී ඇති බවත්, මේ තත්ත්වය යටපත් කිරීමට ක්‍රියාදාමයක් අවශ්‍ය බවත් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.

පෙරේදා (20දා) ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේදී මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

සමාජ ජාල මාධ්‍යවලින් ජනතාවට සිදුවන අහිතකර බලපෑම් අවම කිරීම සඳහා යම් උපාය මාර්ගික වැඩපිළිවෙළක් සැකසිය හැකිදැයි තමන් සොයා බලන බව ද කෙහෙළිය රඹුක්වැල්ල මහතා එහිදී පැවසිය.

සමාජ ජාල මාධ්‍ය ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකයේ අනෙකුත් රටවලටත් ගැටලු ඇති කර තිබෙන බව කී ඇමැතිවරයා, එම තත්ත්වය අවම කැර ගැනීමේ දී විශේෂයෙන් ම ජනමාධ්‍ය නිදහස සහ දැනුම ලබා ගැනීමේ අවස්ථාවට වැට නොබැඳ ෆේස් බුක් වැනි සමාජ ජාල මාධ්‍යවල සියයට 5ක් වන අගතිගාමී බව පමණක් පාලනය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇති බවත් කීවේය.

මේ සම්බන්ධයෙන් මේ වනවිට තමා කරුණු අධ්‍යයනය කරමින් සිටින බව ද ඔහු පැවැසීය.

වෙබ් පැමිණිලි 250ක් !
මේ අතර, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසන්නේ, මේ වසරෙහි ගත වූ දින පනහක කාල සීමාව තුළ ෆේස් බුක් සමාජ වෙබ් අඩවියෙන් විවිධ අක්‍රමිකතා සිදුකිරීම සම්බන්ධව පැමිණිලි 250ක් ලැබි ඇති බවයි.

ව්‍යාජ ෆේස් බුක් ගිණුම් පවත්වාගෙන යාම ඊට වෙනත් පුද්ගලයන්ගේ නම්, ඡායාරූප භාවිත කිරීම, ව්‍යාජ ෆේස් බුක් ගිණුම් භාවිත කර විවිධ පුද්ගලයන් රැවටීම හා අපහාස කිරීම ආදී කරුණු සම්බන්ධව තම සංසදයට පැමිණිලි ලැබෙන බවද ඒ මහතා අවධාරණය කරයි.
නූගත් ආකාරයට ෆේස් බුක් සමාජ වෙබ් අඩවිය සහ අන්තර්ජාලය භාවිත කිරීම හේතුවෙන් මෙවැනි සිදුවීම් වන බවද ඒ මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මගින් අධ්‍යාපන අමාත්‍යාංශය සමග එකතු වි පාසල් හා ගුරු විද්‍යාලවල විවිධ දේශනද මේ වන විටත් පවත්වමින් සිටින බව රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සඳහන් කරයි.

ෆේස් බුක් සමාජ වෙබ් අඩවිය සහ අන්තර්ජාලයේ විවිධ අක්‍රමිකතා සිදු වුවහොත් ඒ පිළිබඳව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ හදිසි දුරකථන අංක වන 0112691692 යන අංකයට දන්වන ලෙසද රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසයි.

2011 වසරේ ෆ්‍ස් බුක් සම්බන්ධව පැමිණිලි 1040ක්ද 2012 වසරේ ෆේස් බුක් සම්බන්ධව පැමිණිලි 1150ක්ද 2013 වසරේ ෆ්‍ස් බුක් සම්බන්ධව පැමිණිලි 1200ක්ද ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට ලැබි තිබේ. එලෙස ලැබෙන පැමිණිලිවලට තාක්ෂණික සහාය සහ උපදෙස් මෙම සංසදය මගින් ලබාදෙනු ඇත.

ෆේස් බුක් සමාජ වෙබ් අඩවියේ ඡායාරූපයක් පළවීම සම්බන්ධව සිද්ධියක් මුල් කරගෙන කුරුණෑගල, ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ 11 වැනි වසරෙහි ඉගෙනුම ලැබූ වෙනුෂා ඉමන්ති නමැති සිසුවිය ගෙළ වැලලා ගෙන සියදිවි හානි කරගෙන තිබුණි.

එසේම ව්‍යාජ ඡායාරූපයකින් පෙනී සිටීම නිසා එය හෙළිවීම මත ෆ්‍ස් බුක් තරුණයකු සමග පෙම් සබඳතාවක් පැවැත්වූ ඇල්පිටිය පිටිගල ප්‍රදේශයේ දිනේෂා නිලක්ෂි (19) ශිෂ්‍යාව පෙරේදා (19දා) සියදිවි හානි කරගෙන තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad