සිසු මරණයට හේතුව ෆේස් බුක් ම නොවේලු ! - GOSSIP9.WORLD

Post Top Ad

සිසු මරණයට හේතුව ෆේස් බුක් ම නොවේලු !

Share This
කුරුණෑගල ප්‍රදේශයේ පාසල් සිසුවියක සිය දිවි හානිකර ගැනීමට ෆේස් බුක් (Facebook) සමාජ වෙබ් අඩවියේ ඍජු බලපෑමක් නොමැති බව උපදේශිකාව පවසයි.

ගෙල වැලලා ගත් දැරියට පවුලේ ප්‍රශ්න තදින් ම බලපා ඇති බවයි කලක සිට එම දැරියට උපදේශන සපයමින් සිටි ප්‍රභා රණසිංහ ප්‍රකාශ කළේ.

ෆේස් බුක් (Facebook) සමාජ වෙබ් අඩවියේ විදුහලේ මෙන් ම විදුහල්පතිවරයාගේත් ඡායාරූප පල කිරීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා විසින් දැරියට අවවාද කර ඇති බවත් මේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රභා රණසිංහ උපදේශිකාව සංදේශයට පැවසුවාය.

අපහාසය
එහෙත් දැරිය විසින් සිය දිවි හානි කර ගැනීමට පෙර ලියා ඇති ලිපියක ඇය ප්‍රසිද්ධියේ තමන් අපහාසයට ලක් කොට ඇතැ’යි ද, තම පියාට අපහාසයක් වනු දැකීම වැළැක්වීම පිණිස ඔහු විදුහල්පතිවරයා ඉදිරියට කැඳවා ගෙන යාමෙන් වැළකී සිටි බව ද සඳහන් කොට තිබේ.

කෙසේ වෙතත්, උපදේශිකා ප්‍රභා රණසිංහ පැවසුවේ දැරියගේ මානසික තත්වය අවබෝධ කර ගෙන ප්‍රමාණවත් ආරක්ෂාවක් හා අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට පියවර ගත්තේ නම් මේ ඛේදජනක අකාල මරණය වලක්වා ගැනීමට ඉඩ කඩ තිබූ බවයි.

ෆේස් බුක් සමාජ වෙබ් අඩවිය සම්බන්ධයෙන් සිසු සිසුවියන්, ගුරුවරුන් මෙන් ම දෙමව්පියන් ද දැනුවත් කිරීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ද කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ ශිෂ්‍ය මාර්ගෝපදේශිකා ප්‍රභා රණසිංහ තවදුරටත් ප්‍රකාශ කළා ය.

No comments:

Post a Comment

Post Bottom Ad