නාම යෝජනා දෙන්න අංක තහඩු නැතිව එයි ! - GOSSIP9.WORLD

Post Top Ad

නාම යෝජනා දෙන්න අංක තහඩු නැතිව එයි !

Share This
ව්‍යාජ අංක තහඩු හා ගරාජ් අංක සහිත වාහන මැතිවරණ කටයුතු සදහා යොදාගැනීමට එරෙහිව වහා පියවර ගන්නැයි කැෆේ සංවිධානය පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී.

අද (05) පෙරවරුවේ කොළඹ කච්චේරිය වෙත නාම යෝජනා භාර දීමට පැමිණි ජගත් කුමාර නමැති සන්ධානයේ අපේක්ෂකයා පැමිණි වාහනය ගරාජ් අංක සහිත එකක් බව පෙන්වා දෙන එම සංවිධානය, එහි ඡායාරූපයක්ද පැමිණිල්ල සමග පොලිස්පතිවරයාට යොමු කර ඇත.

එම ලිපිය මෙසේය
ව්‍යාජ අංක තහඩු සහ ගරාජ් අංක සහිත වාහන මැතිවරණ කටයුතු සදහා යොදා ගැනීම

2014 පෙබරවාරි 5 දින පෙරවරුවේ කොළඹ කච්චේරිය වෙත නාම යෝජනා බාර දීම සදහා පැමිණි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක ජගත් කුමාර නැමැත්තා පැමිණි වාහනයේ ඡායාරූපයක් මේ සමග අමුණා ඇත.

එහි අංකය ලෙස සටහන්ව තිබුණේ ඩබ්ලිව් පී සී 8665 යන්නය. වාහනය මිට්සුබිෂි මොන්ටෙරෝ වර්ගයේ රතු පැහැති රථයකි.
ගරාජ් අංක භාවිත කරමින් මැතිවරණ කටයුතු සිදු කිරීම පසුගිය මැතිවරණයන් හි දී අප නිරීක්ෂණය කළ සුලබ සිදුවීමකි. එපමණක් ද නොව රජයේ වාහන ව්‍යාජ අංක තහඩු සහිතව සහ ගරාජ් අංක සහිතව ධාවනය කිරීම ද එමෙන්ම සුලබ සිදුවීමක් වූවේය.

කොළඹ නගර මධ්‍යයේ නාම යෝජනා බාර දෙන ස්ථානයේ මැතිවරණ නිලධාරීන් මැතිවරණ, නිරීක්ෂකයින් පමණක් නොව අපේක්ෂකයින් සහ පක්ෂ නායකයින් ද සිටින ස්ථානයකට මෙවැනි වාහනයක් නිදහසේ පැමිණෙන්නේ කෙසේ ද යන්න ගැටඵවකි. සිය ගණනක් පොලිස් නිලධාරීන් මෙම ස්ථානයේ සිටි නමුත් අවම වශයෙන් ගරාජ් අංක සහිත වාහනයක් අපේක්ෂක ප්‍රවර්ධනය සදහා යොදා ගැනීම පිළිබද විමසීමක් හෝ සිදු නොවූ බව අපගේ නිරීක්ෂණයයි.

ගරාජ් අංක සහ ව්‍යාජ අංක වාහන මැතිවරණ කටයුතු සදහා යොදා ගැනීම පිළිබද තත්ත්වය පාලනය කිරිමේ අවශ්‍යතාව කැෆේ සංවිධානය විසින් නැවත නැවතත් පෙන්වා දී ඇති බව මෙම අවස්ථාවේ සිහිපත් කරමි.

මේ පිළිබද ඔබගේ කඩිනම් අවධානය යොමු කරන ලෙසත් ඉදිරියේ දී මෙවැනි ගරාජ් අංක සහිත වාහන මැතිවරණ කටුයතු සදහා යොදා ගැනීම වැලැක්වීමට කටයුතු යොදන ලෙසත් කාරුණිකව ඉල්ලමි.




No comments:

Post a Comment

Post Bottom Ad