ජස්ටින් බීබර් පිටුවහල් කරන පෙත්සමට ඇමරිකා සෙනට් සභිකයෙකුගෙන් හාස්‍ය මුසු සහයෝගයක් - GOSSIP9.WORLD

Post Top Ad

ජස්ටින් බීබර් පිටුවහල් කරන පෙත්සමට ඇමරිකා සෙනට් සභිකයෙකුගෙන් හාස්‍ය මුසු සහයෝගයක්

Share This
පසුගියදා ඇමරිකානු අත්අඩංගුවට පත්වූ කැනේඩියානු පොප් සංගීත තරුවක් වන ජස්ටින් බීබර් ඇමරිකාවෙන් පිටුවහල් කරන ලෙස ආරම්භ කර ඇති අන්තර්ජාල පෙත්සමට සෙනෙට් සභිකයකුගේ හාස්‍යමුසු සහයෝගය ලැබී ඇතැයි වාර්තා වේ.  පසුගියදා ගුවන් විදුලි නාලිකාවක් සමග කළ සම්මුඛ සාකච්ඡවකදී වර්ජිනියා ප‍්‍රාන්ත සෙනෙට් සභික මාක් වෝනර් විසින් මේ බව පවසා තිබේ.

දියණියන් තිදෙනෙකුගේ පියෙකු ලෙස තමාටත් අත්සනක් එක් කිරීමට ඉඩක් පවතීද යනුවෙන් ඔහු හාස්‍යයෙන් පවසා තිබේ.  මේ අතර ඔහු මෙම පෙත්සමට තමන්ගේ සහය එක්වන බව ට්විටර් හරහාද පවසා ඇතැයි වාර්තා වේ.

ජනවාරි 23දා හෙවත් 19 හැවිරිදි බීබර් අත්අඩංගුවට පත් දිනයේදීම ඩෙට්‍රොයිට්හි නම් සඳහන් නොකළ පුද්ගලයෙකු විසින් WhiteHouse.gov වෙබ් අඩවිය තුළ මෙම අන්තර්ජාල පෙත්සම ආරම්භ කරනු ලැබිණි.  එහි දක්වා ඇත්තේ ඇමරිකාව පොප් සංස්කෘතිය මගින් වැරදි ලෙස අරුත්ගන්වා ඇති බවයි. ජස්ටින් බීබර් ඇමරිකානු තාරුණ්‍යයට වැරදි ආදර්ශයක් ගෙන එන බවද ඔහු පවසා තිබේ.

මේ වන විට අන්තර්ජාල පෙත්සමට අත්සන් 250000ක් පමණ ලැබී ඇති අතර ඇමරිකානු රජය මින් පෙර පවසා ඇත්තේ අත්සන් ලක්ෂයකට වඩා වැඩි ප‍්‍රමාණයක් දිනාගන්නා මහජන ඉල්ලීම් පිළිබඳ අවධානය යොමු කරන බවයි.

කෙසේවෙතත් බීබර්ට එල්ල වූ චෝදනා ඔහු පිටුවහල් කිරීම සඳහා ප‍්‍රමාණවත් නොවන බව විචාරකයන් පවසති.

No comments:

Post a Comment

Post Bottom Ad