ෆෙරෝසා නිසා රවී හා මුසම්මිල් මරාගනිති ! - GOSSIP9.WORLD

Post Top Ad

ෆෙරෝසා නිසා රවී හා මුසම්මිල් මරාගනිති !

Share This
කොළඹ පුරපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ බිරිඳ වන ෆෙරෝසා මුසම්මිල් මහත්මිය බස්නාහිර පළාත් සභාවට එජාපයෙන් ඉදිරිපත්වීම සඳහා නාමයෝජනා ඉල්ලා ඇති අතර, ඒ සම්බන්ධයෙන් එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා බලවත් විරෝධයක් පළකර තිබේ.

මෙම තත්වය මත පුරපතිවරයා හා කොළඹ දිස්ත්‍රික් නායකයා අතර බරපතළ මත ගැටුමක් ඇතිව තිබෙන බව එජාප සිරිකොත මුලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.

පසුගිය සතියේ නාමයෝජනා මණ්ඩලයට කොළඹ ආසනයේ සංවිධායකයින් කිහිප දෙනෙකු ගෙනවිත් මුසම්මිල් මහතාගේ දේශපාලන භාවිතාව පිළිබඳව බරපතළ විවේචනයක් කළ රවී කරුණානායක මහතා, " රනිල් එකඟ වුණත් මම මේකට ඉඩදෙන්නේ නෑ...... " යයි අවධාරණයෙන් යුතුව පවසා තිබේ.

මුසම්මිල් මහතා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය සමග සමීප සම්බන්ධතාවයක් පවත්වමින්, නගර සභාවේ එජාප මන්ත්‍රීවරුන් හා පක්ෂ නායකත්වය නොසලකා හැර ඇතිබවට රවී කරුණානායක මහතා ඉදිරිපත් කල කරුණු වලට පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේමසිංහ මහතාගේ ද සහය පළවී ඇත.

එකම පවුලේ දෙදෙනෙකු ආයතන සිටීම සදාචාරාත්මක නොවන බවද කරුණානායක මහතාගේ අදහස වී ඇත.

කෙසේවුවද එම චෝදනා වලට පිළිතුරුදීම සඳහා තමාට අවස්ථාවක් ලබාදෙන ලෙස මුසම්මිල් මහතා කළ ඉල්ලීමට අනුව, නායකත්ව මණ්ඩලය හා නාමයෝජනා මණ්ඩලය  අද පෙරවරුවේ ඔහුව කැඳවා ඇත.

මාධ්‍යවේදී එස්. එම්. මරික්කාර් මහතාට අපේක්ෂකත්වය දීම සම්බන්ධයෙන් ද රවී කරුණානායක මහතාගේ බලවත් විරෝධය එල්ලවී ඇත.

ෆෙරෝසට හා මරික්කර්ට නාමයෝජනා දුනහොත් තමා දැඩි තීරණයක් ගන්නා බවට කරුණානායක මහතා පක්ෂ නායකත්වයට බලපෑම් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad