අක්කර 500ක් අලුතින් හදද්දී අපේ අක්කර 7 කොල්ල කනවා - මුජිබර් - GOSSIP9.WORLD

Post Top Ad

අක්කර 500ක් අලුතින් හදද්දී අපේ අක්කර 7 කොල්ල කනවා - මුජිබර්

Share This
කොළඹ නගරයේ ජීවත් වන මුස්ලිම් ජනතාව ඉන් ඉවත් කරලීම සඳහා රාජපක්ෂ රෙජීමය කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙළක් දියත් කර ඇතැයි එජාප කොළඹ දිස්ත්‍රික් පළාත් සභා අපේක්ෂක හිටපු මන්ත්‍රී මුජිබර් රහ්මාන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙකී කුමන්ත්‍රණය යටතේ මාලිගාවත්ත, ඇපල්වත්තේ පදිංචියව සිටින පවුල් 1100 කට ද, කොම්පඤ්ඤවීදියේ ජාවා ලේන් ප්‍රදේශයේ නිවාස 450 ක වෙසෙන පවුල් වලට හා ස්ටේෂන් පැසේජ් හි පදිංචි පවුල් 300 කට තම දේපොළ නිවාස අත්හැර දමා වහාම ඉවත් වන ලෙස දන්වා තිබේ.

කොම්පඤ්ඤ වීදිය, මාළිගාවත්ත, ආදී තවත් ප්‍රදේශ ගණනාවකින් මුස්ලිම් ජාතිකයන් ඉවත් කරලීමේ වැඩ පිළිවෙළක්ද සකස් කෙරෙමින් පවතියි. මෙසේ මුස්ලිම් ජාතිකයන් ඉවත් කිරීමේ හේතුව වශයෙන් රෙජීමය පවසන්නේ නගර සංවර්ධනයට ඉඩම් හිඟ වී ඇතැයි යන්නයි.

දැනට ඉවත් වීමට නම් කර ඇති මුස්ලිම් ජනතාව පදිංචි ප්‍රදේශයන්හි මුළු ඉඩම් ප්‍රමාණය අක්කර 7 ක් හෝ නැත. කොළඹ නගරය සංවර්ධනය සඳහා ඉඩකඩම් නැතැයි කියන ආණ්ඩුව පසුගියදා පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේ කොළඹ වරාය නගරය නමින්, අක්කර 500 කින් යුතු නව නගරයක් මුහුද ගොඩ කර ඉදි කරන බවය.

තව අවුරුදු කීපයකින් කොළඹ නගරයට අලූතින් අක්කර 500 ක් එකතු වන්නේ නම්, අක්කර 7 ක තරමේ ඉතා සුළු ඉඩම් ප්‍රමාණයක් වෙනුවෙන් මුස්ලිම් පවුල් දහස් ගණනක් මහ මගට ඇද දමන්නේ ඇයි?

ලංකා සිතියමට අලූතින් අක්කර 500 ක් ඇතුළත් වන අවස්ථාවකදී මිනිසුන් පාරම්පරිකව ජීවත් වූ අක්කර 7 ක භූමි ප්‍රමාණයක වෙසෙන ජනතාව ඉවත් කර එකී ඉඩම් තම හෙංචයියලාට ලබාදීමට ආණ්ඩුව කටයුතු කරන බව මෙයින් ඉතා පැහැදිලිය.

මුස්ලිම් ජනතාව වෙසෙන භූමිය ඉලක්ක කර ගනිමින් සිදු කරන මෙම මහා ඉඩම් කොල්ලයට අපගේ බලවත් විරෝධය පළ කර සිටිමු.

No comments:

Post a Comment

Post Bottom Ad