නිමල්- මෛත්‍රීපාල- තිස්ස හා මංගල ඇතුළු අට දෙනෙක් 25 වසර සමරති - GOSSIP9.WORLD

Post Top Ad

නිමල්- මෛත්‍රීපාල- තිස්ස හා මංගල ඇතුළු අට දෙනෙක් 25 වසර සමරති

Share This
1989 පෙබරවාරි 15 දින දින පැවති මහ මැතිවරණයෙන් ජය ලබා ගනිමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වූ නිමල් සිරිපාල, මෛත්‍රීපාල සිරිසේන, ජෝන් සෙනවිරත්න, අබ්බ්දුල් කාදර් යන අමාත්‍යවරුන් මෙන්ම මේවනවිට විපක්ෂය නියෝජනය කරන තිස්ස අත්තනායක ,මංගල සමරවීර, ලක්ෂ්මන් කිරිඇල්ල, රංජිත් මද්දුම බණ්ඩාර යන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට තේරීපත්ව අදට (15) වසර 25 ක්‌ සම්පූර්ණ වෙයි.

කෙසේවුවද ඔවුන් පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන්නේ 1989 මාර්තු 09 වෙනිදාය.

එදා සිට මේ දක්වා ඔවුන් අඛණ්ඩව වසර 25ක් පාර්ලිමේන්තුව නියෝජනය කරයි.

1989 පෙබරවාරි 15 දින ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය නියෝජනය කරමින් පොළොන්නරුව ආසනයට තරග වැද වැඩිම මනාප ලබා ගනිමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්ව, අදට වසර 25ක් සම්පුර්ණ කරන වත්මන් සෞඛ්‍ය ඇමැති හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතාට උපහාර දැක්‌වීමේ උත්සවයක්‌ අද (15 ) පස්‌වරුවේ පොළොන්නරුව බුද්ධි මණ්‌ඩපයේදී පැවැත්වේ.

No comments:

Post a Comment

Post Bottom Ad