විපක්ෂය කොළඹ පාගමනක - GOSSIP9.WORLD

Post Top Ad

විපක්ෂය කොළඹ පාගමනක

Share This
විපක්ෂයේ වෘත්තිය සමිති ඇතුළු සංවිධාන ඊයේ (28) කොළඹ හයිඩ් පිටියේ දී ආණ්ඩුවට එරෙහි රැලියක් පැවැත්වීය. එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ සංවිධාන නියෝජිතයෝ පෙළපාළියෙන් හයිඩ් පිටියට ආහ.

අද පස්වරු 02ට ලිප්ටන් වටරවුමේ සිට එක් පෙලපාලියක් ආරම්භ වූ අතර අතර කොම්පඤ්ඤවිදීය සහ මරදාන ගාමිණි සිනමා ශාලාව අසලින් තවත් පෙලපාලි දෙකක් ආරම්භ විය.

සටන් පාඨ කියමින්, බැනර් පෝස්ටර් පෙරටුකොටගෙන පක්ෂ නායකයෝ ඇතුලු විශාල පිරිසක් විරෝධතා පා ගමනට එක්ව සිටීයහ. මත්කුඩු, සමාජ පාදඩකරණය හා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාවය පැවැත්වින.

විරෝධතා පා ගමන හේතුවෙන් කොම්පඤ්ඤවීදියේ සිට ලිප්ටන් වටරවුම දක්වා මංතීරුවක් අවහිර වී තිබිණ.

ෆොන්සේකාත් පෙළපාළි යයි 

මේ අතර ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයද අද කොළඹ දැවැන්ත පෙළපාලියක් සංවිධානය කර තිබිණ.

ආණ්ඩුවට එරෙහිව, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ එම පෙළපාළිය එහි නායක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් මරදාන දුම්රිය නැවතුම්පොළ සිට ටෙක්නිකල් හන්දිය හරහා කොටුව දුම්රියපොළ දක්වා ගමන් කළේය.



No comments:

Post a Comment

Post Bottom Ad