තංගල්ල සභාපතිට නීතිය වෙනස් වෙයිද? - GOSSIP9.WORLD

Post Top Ad

තංගල්ල සභාපතිට නීතිය වෙනස් වෙයිද?

Share This
තංගල්ල හෝටලයක දී බ්‍රිතාන්‍ය ජාතික ස්වේච්ඡා සේවකයෙකුවූ කුරාම් ෂයික් මරා දැමීම හා ඔහුගේ පෙම්වතිය සමූහ දූෂණයකට ලක් කිරීම සම්බන්ධයෙන් අධි චෝදනා ලබා සිටින තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරණ මහතා ගාල්ල පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබනවාද යන්න හා ඒ පිළිබඳ පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය නියෝග කළාය. 

ඊයේ (16) රහස් පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් සලකා බලා මහාධිකරණ විනිසුරුවරිය මෙලෙස නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි. 

මෙම නඩුව පසුගිය 09 වන දින කැඳවන ලද අවස්ථාවේදී සිද්ධියේ ප්‍රධාන සැකකරු වන තංගල්ල සභාපතිවරයා අධිකරණයට ඉදිරිපත් නොවුණු අතර ඔහුගේ නීතිඥයන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයා පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවයි. 

එහෙත් ඒ බවට වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කර නොමැති බැවින් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් නියෝග කර තිබිණි. 

කෙසේ වෙතත් මේ පිළිබඳව අද රහස් පොලීසිය විසින් අධිකරණයට කරන ලද ඉල්ලීමක් අනුව පූර්ණ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරිණි. 

නඩුව යළි ජනවාරි මස 22 කැඳවීමට තීරණය කෙරිණි. 

No comments:

Post a Comment

Post Bottom Ad