[DEHI NEWS] සෝභිත හිමි අගමැතිට නඩු දායි ! - GOSSIP9.WORLD

Post Top Ad

[DEHI NEWS] සෝභිත හිමි අගමැතිට නඩු දායි !

Share This
අගමැති දි.මු. ජයරත්න මහතාට එරෙහිව නඩු පැවැරීමට ජාතික හෙළ උරුමය තීරණය කර තිබේ. එසේ තීරණය කර ඇත්තේ අගමැතිවරයා සමස්ත සංඝරත්නයට අපහාස කර ඇති බව පවසමිනි.

භික්ෂුන් වහන්සේ නමක් අගමැතිවරයකුට එරෙහිව නඩු පැවැරීමට සූදානම් වන්නේ, ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවටය.

අගමැති සම්බන්ධීකරණ ලේකම්වරයකු මත්කුඩු කන්ටේනරයක් රේගුවෙන් නිදහස් කර ගැනීමට ලිපියක් නිකුත් කර ඇතැයි චෝදනා කල හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ට, අගමැතිවරයා 'චීවරධාරියා' යනුවෙන් පැවැසීමෙන් සංඝරත්නයට අපහාසයක් වීම නිසා වහාම අගමැතිවරයා සමාව ගත යුතු යැයි හෙළ උරුමය මීට පෙර පවසා තිබිණි.

සති දෙකක් ඇතුළත මෙලෙස අගමැතිවරයා සංඝරත්නයෙන් සමාව ගත යුතුයැයි ප්‍රකාශයට පත්කර තිබූ අතර එම සති දෙකේ කාලසීමාව පසුගිය සතියෙන් අවසන් විය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා නම්‍යශීලී බුද්ධිමත් ධර්මානුකූල වැඩපිළිවෙළකට සූදානම් නොමැති බව පෙනීගොස් ඇති හෙයින් අගමැතිවරයාට විරුද්ධව නීතිමය පියවර ගැනීම පිළිබඳ හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් නීති අංශ සමඟ සාකච්ඡා පවත්වමින් සිටියි.

ජාතික හෙළ උරුමයේ ඉහළ පෙළේ ප්‍රකාශකයකු සඳහන් කෙළේ ඒ සම්බන්ධයෙන් කඩිනමින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නීතිඥ අංශවලට උපදෙස් දී ඇති බවයි.

සිල්වත් හිමිවරුන්ට අපහාස කලේ නැහැ !
මේ අතර, අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති  ආකල්ප සංවර්ධන වැඩසටහනේදී  අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මහතා සඳහන් කර සිටියේ, උගත් සිල්වත් මහා සංඝරත්නයට අපහාස කිරීමේ චේතනාවක් ඇතිවවත්, චීවරධාරී වචනය පාවිච්චි නොකළ බවයි.


මම අපේ හාමුදුරුවරුන්ට අපහාස කළා යැයි සඳහන් කරමින් ඇතැම් කණ්ඩායම් කලහකාරීව හැසිරීම ආකල්ප පිළිබඳ ප්‍රශ්නයක්. මම අපේ උගත් සිල්වත් මහා සංඝරත්නයට අපහාස කරන්නවත් එවැනි චේතනාවක් ඇතිවවත්, චීවරධාරී වචනය පාවිච්චි කළේ නැහැ. 

සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මඟින් සම්පාදනය කර ඇති සිංහල ශබ්ද කෝෂයට අනුව චීවරධාරියා යන්නෙන් අදහස් කරන්නේ සිවුරු දරන්නා හෝ සිවුරු පොරවන්නා යන අදහසයි. මෙම වචනයට වැරදි අර්ථ දීලා අනවශ්‍ය මතයක් රටේ ගොඩනඟන්නට ඇතැම් පිරිස් උත්සාහ කරන්නේ නම් එය හොඳ නෑ. 

පිරිසිදු බෞද්ධයෙක් විදියට මම ප්‍රකාශ කළ වචනයෙන් අපේ උගත්, සිල්වත්, ගුණ ගරුක පූජනීය සංඝරත්නයට යම් සිත් වේදනාවක් ඇති වුණා නම් ඒ ගැන අතිශයින්ම කණගාටු වෙනවා වගේම සමාව අයැදිනවා. මම මීට කලින් ඒ ගැන කියලා තියෙනවා.

මා ගෞරවනීය සංඝරත්නයට බොහොම ගෞරවයෙන් හා භක්තියෙන් සලකන කෙනෙක්. ඒ නිසා උන් වහන්සේලාට මා සමඟ යමක් සාකච්ඡා කරන්න කිසිදු බාධාවක් නැහැ. හැබැයි අපි ඒ දේ කළ යුත්තේ අපි දෙපාර්ශ්වයේම‍ ගෞරවය හා විශ්වාසය පලුදු නොවන ආකාරයටයි " යැයි අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad