තුන්වෙනි ටෙස්ට් තරගයේ ජය පකිස්තානයට - GOSSIP9.WORLD

Post Top Ad

තුන්වෙනි ටෙස්ට් තරගයේ ජය පකිස්තානයට

Share This
ශ්‍රී ලංකාව සමග පැවැති ටෙස්ට් තරගාවලිය 1ට 1ක් ලෙස සමකර ගැනීමට පකිස්ථානු කණ්ඩායම මීට ටික වේලාවකට පෙර සමත් විය. 

ජයග්‍රහණය සඳහා පකිස්ථානු කණ්ඩායමට ලැබුණු ලකුණු 302 ඉලක්කය ඔවුන් කඩුලු 5ක් පමණක් දැවී සපුරා ගත්තේය. 

මෙම තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 428ක් ලබා පන්දුවට පහරදීමේ අවස්ථාව පකිස්ථානයට ලබාදුන් අතර ඊට පිළිතුරු ලෙස පකිස්ථානය ලබාගත්තේ ලකුණු 341කි.

ශ්‍රී ලංකාව දෙවන ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 241ක් ලබා ගැනීමට සමත් වූ අතර ඔවුන් පළමු ඉනිමේදී ලකුණු 87ක් ඉදිරියෙන් සිටියේය. 

ඒ අනූව පකිස්ථානය මෙම තරඟය ජය ගැනීම සඳහා ලකුණු 302ක් ලබා ගත යුතු විය. 

එක්දින තරඟයක මෙන් ක්‍රීඩා කළ පකිස්ථානු ආරම්භක පිතිකරුවන් ලබාදුන් වේගවත් ආරම්භය ප්‍රයෝජනයට ගනිමින් සෙසු පිතිකරුවන්ද කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමට සමත් විය. 

ඒ අනූව ඔවුන් කඩුලු 5ක් දැවී ලකුණු 302ක් ලබා ජය වාර්තා කළේය. 

පකිස්ථානු කණ්ඩායම වෙනුවෙන් අසාර් අලී ලකුණු 103 ලබාගත් අතර මිස්බා උල්හක් නොදැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 68කි. 

ඔවුන් දෙදෙනා එක්ව පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 109ක සබඳතාවක් පිහිටුවීය‍. 

මෙම තරඟාවලියේ පළමු තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර දෙවැනි තරඟය ශ්‍රී ලංකාව ජය ගත්තේය. 

ලකුණු පුවරුව මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad