නිලි ලක්ෂිකාගෙන් පද්මසිරි ලිංගික අල්ලස් ඉල්ලලා - GOSSIP9.WORLD

Post Top Ad

නිලි ලක්ෂිකාගෙන් පද්මසිරි ලිංගික අල්ලස් ඉල්ලලා

Share This

චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු වන පද්මසිරි කොඩිකාර මහතාගෙන් අයුතු බලපෑම් එල්ලවූ බව නැගී එන නිළියක් වන ලක්ෂිකා ජයවර්ධන මෙනවිය Gossip9 වෙත පැවසීය. 

කොඩිකාර මහතා විසින් අධ්‍යක්ෂණය කරනු ලබන කෝරළේ මහත්තයා 3 ටෙලියේ මුතූගේ චරිතය දෙන බවට පොරොන්දුවී එය ලබාදීමට ලිංගික අල්ලසක් ඉල්ලු බවට ඇය චෝදනාකර සිටී.

එසේම වරක් තමාව රවටා දෙහිවල ප්‍රදේශයේ හෝටලක් වෙත රැගෙන ගොස් එහි කාමරයක්ටද රැගෙනයාමට උත්සාහ කළ බව ඇය පවසා තිබේ.

පසුව තමාට එහි තිරපිටපත ලියූ ශ්‍රී නිමල් පද්කුමාර මහතා විසින් තමාව මුතූ නැමැති චරිතයට තෝරාගත් බවත්, ඉන් පුසුව එහි රූගත කිරීම් සඳහා රන්මිනි තැන්නට ගිය බවත් එහිදීද තවත් නළු නිළියන් සිටියදී පවා තමාට අතවර කිරීමට උත්සාහ කළ බවද ලක්ෂිකා පවසා ඇත.

ලක්ෂිකා ඉදිරියේදී මේ සිද්ධීන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවද කියා තිබේ.

නිළියක වන නිශානි ගමගේ මෙනවියටද පද්මසිරි කොඩිකාර මහතා විසින් අතවර කිරීමට උත්සාහ කළ බව ඇය විසින්ද මීට පෙර මාධ්‍යට හෙලිකර තිබිනි.

No comments:

Post a Comment

Post Bottom Ad