නොරොච්චෝලේ කුමන්ත්‍රණයක්ද? - GOSSIP9.WORLD

Post Top Ad

නොරොච්චෝලේ කුමන්ත්‍රණයක්ද?

Share This
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය 26 වතාවකට වඩා බිඳ වැටීම හා එහි විදුලිය උත්පාදනය නතර කිරීම කුමන්ත්‍රණකාරී ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බවට ඊයේ (23) පැවැති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේදී අමාත්‍යවරුන් දෙදෙනකු විසින් චෝදනා කරනු ලැබ තිබේ.

හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයකු වන ජෝන් සෙනෙවිරත්න හා එම අමාත්‍යංශයේම හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වන මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරුන් මෙසේ නොරොච්චෝලේ බලාගාරයේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි ලෙස චෝදනා කර ඇත.

නොරොච්චෝලේ බලාගාරය ක්‍රියා විරහිත කර විදුලිය උත්පාදනය අත්හිටුවීමේ අරමුණ වී ඇත්තේ ඩීසල් මඟින් විදුලිය උත්පාදනයට යොමුවීම වන බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනකු මේ තත්ත්වයට වගකිව යුතු බවත් ඇමැතිවරුන් දෙදෙනාගේ දැඩි විවේචනයට ලක්වී ඇත.

බලාගාරය වෙනුවෙන් ගෙන්වා ඇති උපකරණ හා යන්ත්‍ර සමහරක් බාල තත්ත්වයේ ඒවා වන බවද බලාගාරයේ හිටපු ප්‍රධාන ඉන්ජිනේරුවරයකු බලාගාරයෙන් මාරු කිරීම පිළිබඳවද අමාත්‍ය මණ්ඩලය හමුවේදී සාකච්ඡා කෙරී ඇති බව ආරංචි මාර්ග පවසයි.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය පිළිබඳ කරන ලද මේ සාකච්ඡාවෙන් අනතුරුව බලාගාරය ආරම්භයේ සිට වර්තමාන තත්ත්වය දක්වා විධිමත් අධ්‍යයනයක් කිරීමට ජෝන් සෙනෙවිරත්න හා මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරුන්ගේ මූලිකත්වයෙන් කමිටුවක් පත් කිරීමට ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය කර ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

නොරොච්චෝලේ බලාගාරයේ වරින්වර සිදුවූ බිඳ වැටීම් හා ක්‍රියාවිරහිත කිරීම් සම්බන්ධයෙන් පසුගිය කාලයේ විදුලි සේවක සංගම්ද චෝදනා කෙළේ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් කිහිප දෙනකුගේ ලාභය පිණිස පෞද්ගලික විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ සැලසුම් ක්‍රියාත්මක කෙරෙන අතර ඩීසල් මඟින් විදුලිය උත්පාදනය කර විශාල පරිමාණයේ කොමිස් ජාවාරම් කිරීමටද ඇතැමකු ක්‍රියා කරන බවය.

No comments:

Post a Comment

Post Bottom Ad