නිල්ගල වන විනාශයක් - GOSSIP9.WORLD

Post Top Ad

නිල්ගල වන විනාශයක්

Share This
ජෛව විවිධත්වයෙන් අනූන වනාන්තරයක් සේ සැලකෙන නිල්ගල සංරක්ෂිත වන පෙත විනාශ වෙමින් තිබෙන බව පරිසරවේදීහු පෙන්වා දෙති.කෙසේ නමුත් තත්ත්වය පාලනය කිරීමට පියවර ගෙන ඇති බවයි, බලධාරීන් පවසන්නේ.

බිබිල සහ මැදගම වන සංරක්ෂණ කාර්යාල මගින් පාලනය වන නිල්ගල වනාන්තරයට පිවිසෙන පුද්ගලයින් අරළු, බුළු, නෙල්ලි ගස් වලට වල් නාශක ඉස, එම ගස් විනාශ වීමෙන් පසුව එම ඉඩම්වල කෙසෙල්, රඹුටන්, රබර් සහ ගම්මිරිස් වැනි ශාක සිටුවා බලපත්‍ර ලබා ගැනීමේ උත්සාහයක නිරත වෙමින් සිටින බව පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක හේමන්ත විතානගේ Gosip9 වෙත පැවසීය.

හේන් ගොවීන් හට බලපත්‍ර ලබා දීමට වන ජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා ක්‍රියාත්මක කොට ඇති වැඩපිළිවෙළ යටතේ වසර පහකට වැඩි කාලයක් තිස්සේ පවත්වා ගෙන ගිය හේන් සඳහා බලපත්‍ර ලබාගත හැකි බව හේමන්ත ව්තානගේ වැඩිදුරටත් පැවසීය.

මේ පිළිබඳ ව විමසු විට වන ජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා කියා සිටියේ නිල්ගල වනාන්තරයේ වන විනාශය නතර කිරීමට වහාම පියවර ගන්නැයි තමන් නිලධාරීන්ට උපදෙස් දී ඇති බවයි.

හේන් ගොවීන්ට ඉඩම් ලබාදීම සහ මෙම වන විනාශය අතර සම්බන්ධයක් නැති බවත් මේ සිදුවී ඇති වන විනාශය තමන්ගේ ගිණුමට බැර නොකළ යුතු බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad