විහාරාධිපතිට පහරදුන් පුද්ගලයා මාට්ටු - GOSSIP9.WORLD

Post Top Ad

විහාරාධිපතිට පහරදුන් පුද්ගලයා මාට්ටු

Share This
News in Brief 22/01/2014 4:18pm
විල්ගමුව , උණගොල්ල ශ්‍රී ජිනරතන විහාරස්ථානයේ විහාරාධිපති උඩවෙල සුමේධ හිමියන්ට පහරදුන් බව කියන පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

ඊයේ(21) රාත්‍රීයේ ත්‍රීරෝද රථයකින් වැඩමකරමින් සිටි ස්වාමීන්වහන්සේට අදාළ පුද්ගලයා විසින් මෙලෙස පහර දී ඇති අතර ඔහු ඒ මොහොතේ බීමත්ව සිට ඇති බව පොලීසිය පවසයි. 

විල්ගමුව, නිපෝන් පාලම අසළ දී අදාළ පහර දීම සිදුව ඇති අතර තුවාල ලැබු ස්වාමීන්වහන්සේ මේ වනවිට විල්ගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන් වෙයි 

සැකකරු අද (22) නාඋල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් විල්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. 

No comments:

Post a Comment

Post Bottom Ad