මේනකා දෙයියන්ගේ ආභරණ ඇඳන් නටන්න හදයි ! - GOSSIP9.WORLD

Post Top Ad

මේනකා දෙයියන්ගේ ආභරණ ඇඳන් නටන්න හදයි !

Share This
ජනප්‍රිය නිළියක් වන මේනකා පීරිස්ගේ කලඑළි මංගල්‍යය හෙට (25) පැවැත්වීමට නියමිතය.

ඇගේ කලඑළි මංගල්‍යය පැවැත්වෙන්නේ බෙල්ලන්විල රජමහා විහාරයේ බවද පැවසේ. මේනකා ස්වර්ණ සිරිනාම ඇදුරුතුමිය යටතේ කාලයක් නර්තනය හදාරා තිබේ.

මේ සම්බන්ධයෙන් මේනකා මෙසේ පැවසීය.
" ඒක හරියට ගැහැනු ළමයකුගේ විවාහය හා සමානවම වටිනවා. ඒ චාරිත්‍රානුකූල වතාවත් සිද්ධවෙන්නේ නැකතට. ආරාධනා පත්‍රය පවා. එදාට මගේ නෑදෑයෝ මගෙ හිත මිතුරන් ඔක්කොම එනවා මට සුබ පතන්න. කලඑළි මංගල්‍යය උඩරට නර්තන සම්ප්‍රදායේ එන අංගයක්. අපි එදින ගනුදෙනු කරන්නේ දෙවියන්ගේ ආභරණත් එක්කයි. මෙයට ශීර්ෂාභරණ පැලඳවීම කියලත් කියනවා. මෙයින් පසුව කල එළියට බහින අය විෂයෙන් සම්පූර්ණයි. "

No comments:

Post a Comment

Post Bottom Ad