කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රී රාදිකා සිට්සබේසන්ගේ උතුරු සංචාරයේ LankaCnews බොරුව - GOSSIP9.WORLD

Post Top Ad

කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රී රාදිකා සිට්සබේසන්ගේ උතුරු සංචාරයේ LankaCnews බොරුව

Share This
උතුරේ ජනතාව මුහුණ පා සිටින දුෂ්කරතා ජාත්‍යන්තර අවධානයට යොමු කිරීමට කැනඩාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරියක් එකඟ වූ බව මන්නාරමේ ප්‍රජා නායකයෝ පවසති.

උතුරේ දෙමළ ජනතාව වෙනුවෙන් ජාත්‍යන්තර තලයේ හඬක් නගන ලෙස කළ ඉල්ලීමට විදේශීය පාර්ලිමේන්තු ආසනයක් සඳහා තේරී පත්වුණු පළමු ලාංකික දෙමළ මන්ත්‍රී වරිය වන රධිකා සිත්සබෙයිසන් සාධනීය ලෙස ප්‍රතිචාර දැක්වූ බව යි ඔවුන් ගොසිප්9 හා කියා සිටියේ.

ශ්‍රී ලංකාවට පැමිණ සිටින කැනඩාවේ විපක්ෂ මන්ත්‍රී වරිය ආගමික නායකයන්, අතුරුදහන් වුවන් ගේ ඥාතීන්, සහ ප්‍රාදේශීය දෙමළ දේශපාලකයන් මුණ ගැසී තිබේ.


පෙරළා කැනඩාව බලා යාමෙන් අනතුරුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ‘උපරිම බලපෑම්’ යොදන වග මන්ත්‍රීවරිය පැවසූ බව මන්නාරම පුරවැසි කමිටුවේ සභාපති එමානුවෙල් ජෙබමාලෙයි පියතුමා ගොසිප්9 හා කියා සිටියේය.


ජාත්‍යන්තර බලපෑම නැතිනම්

යුද්ධයෙන් වසර පහකට ආසන්න කාලයක් ගත වීත් විසඳීමක් නැති තැන ශ්‍රී ලංකා රජයෙන් ඉදිරියේ දීත් පිළිතුරක් අපේක්ෂා කළ නො හැකි බවයි ජෙබමාලෙයි පියතුමා පවසන්නේ.

ජාත්‍යන්තර බලපෑම නැතිනම් දෙමළ ජනතාවට ස්වයං තීරණයේ අයිතිය හිමි නොවන බව මන්ත්‍රී වරිය හට ප්‍රකාශ කළේ යයි ද පියතුමා පැවසූහ.

යුද්ධයෙනුත් ඉන් අනතුරුවත් පීඩාවට පත් පිරිස් හමුවට මන්නාරම පුරවැසි කමිටුවේ සභාපති පියතුමන් සිත්සබෙයිසන් මන්ත්‍රීවරිය කැටුව ගිය බව මන්නාරම ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඇන්තනි සහායම් ගොසිප්9 හා කියා සිටියේය.

තවමත් ආ ගිය අතක් නැති ව අතුරුදහන් වූ වන්, හමුදාව විසින් ඉඩම් අත් පත් කර ගැනීම්, රජයේ ආරක්ෂක නිලධාරීන් විසින් වැඩි මිලට ඉඩම් මිලට ගැනීම් සහ හමුදා භටයන් සාමාන්‍ය රැකියා වල නිරත වී සිටීම් ඇතුළු තොරතුරු කැනඩා මන්ත්‍රිනී රධිකා සිත්සබෙයිසන් හමුවේ මන්නාරම් වැසියන් විසින් ඉදිරිපත් කරන ලද බව යි ඔහු ප්‍රකාශ කළේ.

අතුරුදහන් වීම් 2300 ක්

අතුරුදහන් වීම් 2300 කට වැඩි සංඛ්‍යාවක් පිළිබඳව ලිඛිත විස්තර මන්නාරම පුරවැසි කමිටුව විසින් ජනාධිපති කොමිසමක් වෙත ලබා දී ඇතත් මේ තාක් කිසිදු සහනයක් ලැබී නැති බවයි උප සභාපති වරයා පවසන්නේ.

‘ලංකාවේ කාටවත් කීවාට ගණන් ගන්නේ නැති,’ හෙයින් ජාත්‍යන්තර අවධානය යොමු කරවා ගැනීමේ අටියෙන් දෙමළ ජනතාවගේ ගැටළු රධිකා සිත්සබෙයිසන් මන්ත්‍රීවරිය හට ඉදිරිපත් කළ බව ඇන්තනි සහායම් වැඩි දුරටත් පැවසීය.

'උගුලට අසු නොවේ'

මේ අතර කැනේඩියානු මන්ත්‍රීවරිය ගේ උතුරේ ගමන් බිමන් රජයේ ආරක්ෂක අංශ විසින් අධීක්ෂණය කරනු ලබන බවට ගොසිප්9 හා ලැබී තිබෙන තොරතුරු ප්‍රතික්ෂේප කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ කියා සිටියේ ඇය ට කිසිදු අවහිරයක් කොට නැති බවයි.

කැනඩාවේ දෙමළ ජනතාවගේ ඡන්ද දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ දී ‘අත් අඩංගුවට පත් වීමේ’ වුවමනාවකින් ඇය කටයුතු කරන බවයි ඔහුගේ චෝදනාව.

‘ඒ උගුලට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ අසු නොවන’ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගොසිප්9 හා කියා සිටියේ.
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
නමුත් LankaCnews වෙබ් අඩවියේ මෙය සදහන් වී තිබුනේ මෙසේය;

Heading

කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රී රාදිකා සිට්සබේසන් උතුරේ නිවාස අඩස්සියේ ?

Content
උපතින් ශ්‍රී ලාංකික වන කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්‍රී රාදිකා සිට්සබේසන් මෙනවිය නිවාස අඩස්සියේ නොවන බව ශ්‍රී ලංකා බලධාරීන් විසින් පෙන්වා දී තිබේ.

කැනේඩියානු මන්ත්‍රීවරිය මේ දිනවල යාපනයේ පිහිටි ස්වකීය නිවසට පැමිණ ඇති බවත්, ඇය ශ්‍රී ලංකා රජය විසින් නිවාස අඩස්සියට පමුණුවා ඇති බවටත් ඇතැම් විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි.

එසේම ඇය ශ්‍රී ලංකා ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවටද ටොරොන්ටෝ කේන්ද්‍ර කරගත් පුවත් සේවා වාර්තා කර තිබිණි.

එහෙත් ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ,අසංක කරවිට මහතා කියා සිටියේ තම දෙපාර්තමේන්තුව විසින් ඇය සම්බන්ධයෙන් කිසිදු මැදිහත්වීමක් නොකළ බවයි.

ඇය අත්අඩංගුවට ගැනීමක් හෝ ප්‍රශ්න කිරීමක් සිදුව නොමැති බව හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකාව විසින් ඇය අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර නැති වග නිලවශයෙන් පෙන්වාදී ඇතැයි කැනේඩියානු විදේශ කටයුතු අමාත්‍ය ලියේන් යෙලිච් Twitter පණිවිඩ සේවාව ඔස්සේ තහවුරු කළ වග CBC පුවත් සේවා උපුටා දක්වයි.

එසේ වුවද තමන් ඒ පිළිබඳ අවධානයෙන් සිටින බව කැනේඩියානු විදේශ කටයුතු අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩයර් රුවන් වනිගසූරිය මහතා කියා සිටියේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීමක් හෝ නිවාස අඩස්සියේ තැබීමක් සිදුනොකළ බවයි.

ඉකුත් දෙසැම්බර් 23 වන දිනට වයස අවුරුදු 32 ක් වූ සිට්සබේසන් මෙනවිය කැනේඩියානු මන්ත්‍රීවරියක ලෙස එරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාවයි.

ශ්‍රී ලංකාවේ සිදුවීයයි කියනු ලබන යුද අපරාධ සම්බන්ධයෙන් කැනේඩියානු පාර්ලිමේන්තුව තුළ මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවට ආමන්ත්‍රණය කළ ඇය ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නේද වාර්තාවකට අදාළ තොරතුරු එක්රැස් කර ගැනීමට බව කියැවෙයි. "
(මෙය මුළුමනින්ම LankaCnews වෙබ් අඩවියෙන් උපුටාගත් බැවින් මෙහි අන්තර්ගතයට අප [ගොස්සිප්9] වගකියනු නොලැබේ)

ඇත්ත නැත්ත තීරණය බුද්ධිමත් ඔබට භාරයි!

රාදිකා සිට්සබේසන්ගේ උතුරු සංචාරයේ චායරුප කිහිපයක් 






ගොසිප්9 සංස්කරණයක් 


No comments:

Post a Comment

Post Bottom Ad