හිරේ යාමට හේතුව දේශපාලක බලපෑම් නො තැකීම - GOSSIP9.WORLD

Post Top Ad

හිරේ යාමට හේතුව දේශපාලක බලපෑම් නො තැකීම

Share This
දේශපාලකයකුගේ බලපෑම පරිදි තමන් අභූත චෝදනා නගා අත් අඩංගුවට පත් කොට ඇතැයි වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති වරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කොට තිබේ.

ප්‍රධාන පොලිස් පරීක්‍ෂක බණ්ඩාර මුණසිංහ සහ ඔහුගේ බිරිය ඇතුළු පිරිසක් පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත් අඩංගුවට ගෙන ඇත්තේ දෙසැම්බර් අග දී.

පොලිසිය පවසන්නේ වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක බණ්ඩාර මුණසිංහ ගේ නිවසේ මත් ද්‍රව්‍ය තිබී සොයා ගන්නා ලද බවයි.

එහෙත්, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පොලිස් ස්ථානාධිපති වරයා කියා සිටි පරිදි තමන් සිර ගත කිරීමට හේතු වී ඇත්තේ මත් ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලබන තිදෙනකු නිදහස් කර යවන ලෙස ප්‍රබල දේශපාලකයකු දුරකතනයෙන් කළ බලපෑම නො තකා හැරීමයි.

ප්‍රධාන පොලිස් පරීක්‍ෂක බණ්ඩාර මුණසිංහ ට බලපෑම් කළ බවට චෝදනා කැරෙන දේශපාලකයා ඇමතුම් ලබා දුන් බව කියන දුරකථන අංකය ද අධිකරණය වෙත ලබා දෙන ලදැයි කේ එස් උදය කුමාර් වාර්තා කරයි.

වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති වරයාට එරෙහි චෝදනා පිලිබඳ පරීක්ෂණ අපක්ෂපාතී නැතැයි මාධ්‍ය වේදීන් හමුවේ ප්‍රකාශ කළ ඔහුගේ නීතිඥ ගුණරත්න වන්නිනායක කියා සිටියේ මේ පිටුපස කිසියම් කුමන්ත්‍රණයක් තිබෙන බවයි.

චුදිත පොලිස් ස්ථානාධිපති වරයා නගන චෝදනා පොලිසියේ කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad