මම ආවේ ටීවි ලයිසන් ගන්න නෙවෙයි - හිරුණිකා - GOSSIP9.WORLD

Post Top Ad

මම ආවේ ටීවි ලයිසන් ගන්න නෙවෙයි - හිරුණිකා

Share This
තමන් දේශපාලනයට ආවේ ටීවී ලයිසන් ගැනීමටවත් කාටවත් මඩ ගැසිමටවත් නොව තමාගේ පියා හා ජනතාව වෙනුවෙන්  යැයි බස්නාහිර පළාත් සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කරන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පවසයි. 

පියාගේ නඩුව එකක් බවත් දේශපාලනය තවත් එකක් බවත් කෙසේ වුවද තමන් සටන අතනොහරින බවද ඇය අවධාරණය කරයි. 

ලංකා තරුණ සංවිධාන ජාලය විසින් කොළඹදී අද (21) පෙරවරුවේ පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය. 

පියාගේ මරණයත් සමග දේශපාලනය ගැන අදහසක් නොතිබූ නමුදු දේශපාලනය ඔස්සේ ජනතාවට සේවය කිරීමට හැකියාවක් ඇති බවද ඇය පෙන්වාදුන්නාය. 

අද තාත්තා සිටියානම් තමාට ටොක්කක් අනිනු ඇතැයි ද පැවසූ ඇය දේශපාලනයට කාන්තා නියෝජනය අඩු බවත් කාන්තාවන් දේශපාලනයට පැමිණීම ගැන විවිධ පැති ඔස්සේ බැලිය හැකි බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය කීවාය.‍ 

සමාජයේ වැරදි වැඩ කරන පුද්ගලයින් ඕනෑ තරම් සිටින බවද ඡන්දය ලබාදීමේදී ජනතාව බුද්ධිමත් විය යුතු බවත් එසේ වුවද අවුරුදු 50, 60 මිනිසුන්ගේ සිතුවිලි වෙනස් කළ නොහැකි බවද ඇය පෙන්වාදුන්නාය. 

එකී මාධ්‍ය හමුවට එක්වූ බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ප්‍රදීප් උඩුවන මහතා කියා සිටියේ මීට පෙර මෙරටට කුඩු ගෙනාවේ මිලි ග්‍රෑම් එකක් නමුදු අද වන විට ඒවා කිලෝ ගණනින් ගෙනෙන බවයි. 

මෙරට ලක්ෂ ගණනක් ජනතාවගේ ජීවිත එක් පවුලක පාලනයට නතුව ඇති බවද හෙතෙම කියා සිටියේය. 

එකී මාධ්‍ය හමුවට සහභාගි වෙමින් නියෝජ්‍ය කතා නායක චන්දිම වීරක්කොඩි, එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම්, බස්නාහිර පළාත් සභාවේ හිටපු එජාප මන්ත්‍රී හර්ෂණ රාජකරුණා, පළාත් සභා අපේක්ෂක මාධ්‍යවේදී සුසාර දිනාල්ද තරුණ ගැටලු පිළිබඳව අදහස් පළ කළහ. 

No comments:

Post a Comment

Post Bottom Ad