[DEHI NEWS] අධිවේගී මාර්ගයේ වංචා කළ මුදල් හොයන ක්‍රමයක් තියනවා - මංගල - GOSSIP9.WORLD

Post Top Ad

[DEHI NEWS] අධිවේගී මාර්ගයේ වංචා කළ මුදල් හොයන ක්‍රමයක් තියනවා - මංගල

Share This
මෙරට දේශපාලකයින් හා නිලධාරීන් වංචා කළ මුදල් සොයා ගැනීමට ඉදිරියේදී බලයට පත්වන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට අවස්ථාවක් තිබෙන බව එම පක්ෂය පවසයි.

එම පක්ෂයේ දේශපාලන ව්‍යාපාර ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර කොළඹ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ රජයට ලෝක බැංකුවේ සහය ඒ සඳහා ලබාගත හැකි බවයි. මෙරට ඇතැම් දේශපාලකයින් හා නිලධාරීන් වංචා කරන මුදල් ලොව රටවල මූල්‍ය ආයතනවල තැන්පත් කර ඇති බවද ඔහු ප‍්‍රකාශ කළේය.


ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසිය.


මේ රටේ මුදල් ගසා කෑම නිසා රජයේ දේශපාලනඥයින්ගේ ගිණුම් රැසක් විදේශ බැංකුවල තිඛෙන බව ඉන්දියාවේ ශර්මා නැමැති ජනමාධ්‍යවේදියා විසින් හෙළි කොට තිඛෙනවා. එම ගසා කන ලද මුදල් සොයා ගනු ලැබුවහොත් මේ රට දියුණු කිරීම සඳහා එම මුදල් යොදා ගත හැකියි.


ඊජිප්තුව ආදී රටවල සිටි චෞර රජවරු සොරකම් කළ මුදල් සොයා ගෙන නැවතත් රාජ්‍ය භාණ්ඩාගාරයට ලබා ගෙන තිඛෙනවා. එවැනි ක්‍රමයක් ලංකාවේත් අනුගමනය කරන ලෙස අපි මහ බැංකුවේ අධිපතිවරයාට අවධාරණය කරනවා. "

චීන ආයෝජනවලින් කොමිස් ගහලා 
2005 න් පසුව චීනය විසින් ශ්‍රී ලංකාවේ සිදු කරන ලද සෑම ආයෝජනයකින්ම 10 - 15% ත් අතර කොමිස් මුදලක් ලබා ගෙන තිඛෙන බව එම ජනමාධ්‍යවේදියා හෙළි කොට තිඛෙනවා. අපි එම තොරතුරු පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට පියවර ගනු ලැබුවා. 2012 දී අත්සන් කරනු ලැබූ ගිවිසුම්වලින් පමණක් රාජපක්ෂ රෙජීමයේ ඉහළ පුටුවල වැජඹෙන අය අවම වශයෙන් අමෙරිකන් ඩොලර් බිලියන 1.2 - 1.8 ත් අතර ප්‍රමාණයක් සොරකම් කොට තිඛෙනවා. ඒ අනුව රුපියල් කෝටි 16,200 ක් එසේ සොරකම් කොට තිඛෙනවා.

මොරගහකන්ද ව්‍යාපෘතියෙන් ඩොලර් මිලියන 252 ක් ද, හම්බන්තොට තෙල් ටැංකි සංකීර්ණ ව්‍යාපෘතියෙන් ඩොලර් මිලියන 76.6 ක් ද කොමිස් ලබා ගෙන තිඛෙනවා. එමෙන්ම ත්‍රිකුණාමලයේ වරාය ව්‍යාපෘතියෙන් ගසා කන ලද කොමිස් ප්‍රමාණය තවමත් ගණනය කිරීමට නොහැකි වී තිඛෙනවා. එම ව්‍යාපෘතිවලින් ගසා කෑ මුදල් විදේශ බැංකුවක අවම වශයෙන් ඩොලර් බිලියන 1.8 කට ආසන්න මුදලක් තැන්පත් කොට තිඛෙනවා.


එම මුදල් ගසා කා තිඛෙන්නේ කටුනායක - කොළඹ අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී ගසා කෑ මුදල්වලට අමතරව බව කිව යුතුයි. මං තීරු හතරකින් යුතු කොළඹ- කටුනායක අධිවේගී මාර්ගය සඳහා එක් කිලෝ මීටරයකට රුපියල් බිලියන 1.8 ක් වියදම් කොට තිබුණත් 2012 වසරේ නොවැම්බර් 19 වැනි දා කෙන්යාවේ ටිකා නැමැති අධිවේගී මාර්ගය ඉදි කළත් එය අපේ රටේ අධිවේගී මාර්ගයට වඩා විශාල වන අතර එය මංතීරු අටකින් යුක්ත වනවා.


එහෙත් මංතීරු අටකින් යුතු මාර්ගයේ එක් කිලෝ මීටරයක් ඉදිකිරීම සඳහා වැය කොට තිඛෙන්නේ අපේ රටේ මං තීරු හතරකින් යුත් මාර්ගය ඉදිකිරීමට වැය වූ මුදලින් හරි අඩක් පමණයි. අපේ රටේ කිලෝ මීටරයක් සඳහා ඩොලර් බිලියන 1.8 ක් වියදම් කරන විට කෙන්යාව වියදම් කොට තිබුණේ ඩොලර් මිලියන 960 ක් පමණයි.


මේ අනුව එම අධිවේගී මාර්ගයෙන් අවම වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියනයක් පමණ කිසිවෙකු තම සාක්කුවේ දමා ගෙන තිඛෙනවා. ලෝකයේ බොහෝ රටවල්වල නායකයින් විසින් සොරකම් කරන ලද මුදල් එම රටේ සංවර්ධනය සඳහා යොදා ගැනීමට ඊළඟට පාලන බලය ලබා ගන්නා පිරිස් ක්‍රියා කරන බව දක්නට ලැඛෙනවා.


එම සොරකම් කරන ලද මුදල් සොයා දීමට ලෝක බැංකුවේ 'SDAR' නැමැති විශේෂ නිලධාරී කණ්ඩායමක් වොෂින්ටන් නුවර සිට ක්‍රියාත්මක වනවා. ඔවුන්ගේ සේවය නොමිලේ ලබා ගැනීමට අපේ රටටත් හැකියාව තිඛෙනවා යැයි ද මංගල සමරවීර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad