අගරදගුරු රායප්පු ජෝසප්ට හෙළ උරුමයෙන් චෝදනා - GOSSIP9.WORLD

Post Top Ad

අගරදගුරු රායප්පු ජෝසප්ට හෙළ උරුමයෙන් චෝදනා

Share This
අගරදගුරු රායප්පු ජෝසප් පියතුමා ශී‍්‍ර ලංකා යුද හමුදාවට සිදුකළ අභූත චෝදනාව පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ජාතික හෙළ උරුමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්‍ෂය පවසන්නේ රායප්පු ජෝසප් පියතුමා එල්.ටී.ටී.ඊ හිතවාදි ඊළාම්වාදියෙකු බව රටට රහසක් නොවන බවයි.

නිවේදනනයේ මෙසේද දැක්වේ.

" ශී‍්‍ර ලංකාවට පැමිණ සිටින ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ යුද අපරාධ පිළිබඳ තානාපති ස්ටීවන් ජේ. රැප් මහතා හමුවු මන්නාරාම රදගුරු රායප්පු ජෝසප් පියතුමා චෝදනාත්මකව පවසා ඇත්තේ යුද්ධයේ අවසාන වකවානුවේ දී හමුදාව රසායනික අවි භාවිතා කරමින් මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් හි ප‍්‍රහාර එල්ලකොට ඇති බවත් එහිදී සාමාන්‍ය වැසියන් මියගිය බව මුලතිව් සිට පැමිණි වැසියන් තමාට පැවසු බවත්ය. 

රායප්පු ජෝසප් පියතුමා එල්.ටී.ටී.ඊ හිතවාදි ඊළාම්වාදියෙකු බව රටට රහසක් නොවේ. මෙතුමා ශී‍්‍ර ලංකා ආරක්‍ෂක හමුදාවට අසත්‍ය අභූත චෝදනා එල්ල කළ පළමු අවස්ථාවද මෙය නොවේ. කොටි සංවිධානය දෙමළ ජනතාව පලිහක් කොට තබාගැනීම පිළිබඳව හෝ රායප්පු ජෝසප් පියතුමා මඩුමාතාව පැහැරගෙන ගොස් කොටි අඩවියේ සගවා ගෙන කොටින්ට සහය ලබාදීම පිළිබඳව මේ දක්වා එකදු වචනයක් හෝ එතුමන්ගේ මුවින් පිට වී නැත.

දෙමළ ජනතාව තම අණසකයේ තබාගනිමින් ඔවුන් පීඩාවට පත් කරමින් එල්.ටී.ටී.ඊ ය විසින් ගෙනගිය ත‍්‍රස්තවාදි පාලනයෙන් දෙමළ ජනතාව ආරක්‍ෂිතව මුදවාගත්තේ ශි‍්‍ර ලංකා හමුදාව විසිනි. අද දෙමළ ජනතාව නිදහසේ ජිවත්වන්නේ ශී‍්‍ර ලංකා හමුදාවට පිංසිදුවන්නටය. 


යුද්ධය පැවති සමයේ කිහිපවිටක් රසායනික අවි ප‍්‍රහාර එල්ල කරමින් හමුදාවත් සාමාන්‍ය ජනතාවත් අවධානමකට පත්කළේ එල්.ටී.ටී.ඊ සංවිධානය බව රායප්පු ජොශප් පියතුමා නොදන්නවා නොවේ. ත‍්‍රස්තවාදයට එරෙහිව මානුෂික මෙහෙයුමක නිරත වූ ශී‍්‍ර ලංකා හමුදාව දක්‍ෂ විනයානුකූල නීත්‍යානුකූල හමුදාවක් බව ලොව පිළිගත් සත්‍යයකි. 


ප‍්‍රභාකරන්ගේ සෙවනැලි පිල්ලි බවට පත්ව ඇති රායප්පු ජෝසප් පියතුමන්ගේ යුද අපරාධ චෝදනා අප තරයේ ප‍්‍රතික්‍ෂ්ප කරන අතර අපගේ බලවත් වීරෝධය පළ කරන බවත් ශී‍්‍ර ලංකා රාජ්‍යයටත් ශී‍්‍ර ලංකා යුද හමුදාවටත් සිදුකරන ලද මෙම අසත්‍ය චෝදනාව අප තරයේ හෙළා දකින්නෙමු. 


රටේ ඒකීයභාවයත් රටේ ස්වෛරීභාවයත් අනතුරේ හෙළන රායප්පු ජෝසප් පියතුමන්ගේ මෙම දේශද්‍රෝහී, දෙමළ ජාතිවාදී, බෙදුම්වාදී, ත‍්‍රස්තගැති කි‍්‍රයාවන්ට හා ප‍්‍රකාශයන්ට එරෙහිව වහා වහා නීතිය කි‍්‍රයාත්මක කළ යුතු බව අප රජයට අවධාරණය කර සිටිමු. "

No comments:

Post a Comment

Post Bottom Ad