භික්ෂුන්ට ගහපු එකට අගමැති වගකිවයුතුයි - හෙළ උරුමය - GOSSIP9.WORLD

Post Top Ad

භික්ෂුන්ට ගහපු එකට අගමැති වගකිවයුතුයි - හෙළ උරුමය

Share This
එම ලේ සෙලවූ භික්ෂුගේ සේයාරුපය 
Update 8:19
අවිහිංසාවාදිව විරෝධය දැක්වීමේ නිදහස උල්ලංඝනය කරමින් 'සිංහල රාවයේ' උද්ඝෝෂණය මර්දනය කිරීමට පොලිසිය යොදවමින් සිදුකළ පහරදීමේ වගකීම අග්‍රාමාත්‍යවරයා භාරගත යුතු බවත්, එම  දීන ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් සන්ධාන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ජාතික හෙළ උරුමය පවසයි.

එම සංවිධානයේ මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා නිකුත්කළ නිවේදනයක එබව සඳහන්වේ.


එම නිවේදනයේ මෙසේද දැක්වේ.


" අද පෙරවරුවේ කොළඹ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිටට රැස්වු 'සිහල රාවය' සංවිධානය අග්‍රාමාත්‍ය මෙන්ම බුද්ධශාසන අමාත්‍ය දි.මු ජයරත්න මහතාට එරෙහිව සාමකාමි උද්ඝෝසණයක නිරත වූ බව දැනගැන්නට ලැබිණි.


සිංහල රාවය සංවිධානය පවසා සිටියේ පසුගිය සති කිහිපයේ අත්අඩංගුවට ගත් ආසියාවේ විශාලම කුඩු කන්ටේරනය සම්බන්ධව අදහස් දැක්වු අතිපූජ්‍ය මහානායක හිමිවරුන්ට ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නයට බුද්ධ ශාසන ඇමතිවරයා ලෙස සිදු කළ අපවාද අවමාන නින්දා කිරීම්වලට තම සංවිධානය විරෝධය පළ කරන බවත් වහාම අගමැතිවරයා බුද්ධ ශාසන අමාත්‍යධූරයෙන් ඉවත්වන ලෙසටත් බල කිරීමටය.

එම සාමකාමී විරෝධතා ව්‍යාපාරයට ඉතා අමානුෂික ලෙස පොලිස් බලය යොදවා භික්ෂූන්වහන්සේලා හට පහරදෙමින් උන්වහන්සේලාට බරපතල ලෙස හිරහැර කර ඇතිබව දැනගන්නට ලැබිණි.


එම විරෝධතා ව්‍යාපාරයට බුද්ධ ශාසන අමාත්‍යංශයේ හෝ අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයෙකු හෝ පැමිණ කරුණු කාරණා විමසීම වෙනුවට පොලිස් බලය යොදවා මෙලෙස නින්දිත ලෙස භික්ෂූන්වහන්සේලාගේ ලේ සෙලවීමේ මහා පාපකර්මය අග්‍රාමාත්‍යවරයා මෙන්ම බුද්ධශාසන අමාත්‍යවරයා ලෙස දි.මු ජයරත්න මහතා භාරගත යුතුය.


අනාගත දරුපරපුරේ සුරක්ෂිතභාවය වෙනුවෙන් මෙන්ම අද තරුණ පරපුරේ අනාගතය වෙනුවෙන් මත්ද්‍රව්‍යයට එරෙහි සටන කිසිදු බලපෑමකට හෝ මර්දනයකට යටනොවී තවදුරටත් අඛණ්ඩව ඉදිරියට ගෙනයායුතු බව අප ඉතා වගකීමෙන් යුතුව සිහිපත් කරන්නෙමු. "

No comments:

Post a Comment

Post Bottom Ad