ආණ්ඩුවෙන් කුඩු ගේනවා, පොලිසිය විකුණනවා - මාදුළුවාවේ සෝභිත හිමි - GOSSIP9.WORLD

Post Top Ad

ආණ්ඩුවෙන් කුඩු ගේනවා, පොලිසිය විකුණනවා - මාදුළුවාවේ සෝභිත හිමි

Share This
මීට මාස කිහිපයකට පෙර මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් පවසා තිබුණේ ලංකාවේ අධිකරණයයි නීතියයි බල්ලට ගිහින් තිබෙන බවයි.

කැසිනෝ විරෝධී ව්‍යාපාරය සංවිධානයනය කල සම්මන්ත්‍රණයක් පෙරේදා කලුතරදී පැවැත්වුණා

එහිදී මාදුළුවාවේ සෝභිත හිමියන් ප්‍රකාශ කළේ ආණ්ඩුව කුඩු ගෙන්වන බවත්, පොලීසිය විකුණන බවත්ය.


" විෂ මත්පැන් වලින් මුලු දේශයම විනාශ වෙනවා අපේ ඇහැට පෙනි පෙනී. දැන් පාර්ලිමේතුවේදී 
අමුණුගම ඇමතිතුමා අත දික්කරලා කියනවා මේකට අපේ ඇමතිවරු සම්බන්ධයි කියලා. අපි නෙවෙයි කියන්නේ, අමුණුගම ඇමතිතුමා

එතකොට දෙයියනේ රජයම සම්බන්ධ නම් කුඩු වලට, එතනෝල් වලට, කාටද දෙයියනේ මේ ගැන කියන්නේ? වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි අමාරුව? කාටද කියනෙනේ මේ විපත්තිය?


දැන් මැති ඇමතිවරු කුඩු ගේනවා. පොලීසිය කුඩු විකුණනවා. වැල්ලම්පිටිය පොලීසියේ ස්ථානාධිපතිතුමා කුඩු විකුණලා අහු වෙලා, එයාගේ නෝනත් අහුවෙලා. මේක හොඳ ජාවාරමක් යන්නේ. ආණ්ඩුවෙන් ගේනවා, පොලීසියෙන් කුඩු විකුණනවා "

No comments:

Post a Comment

Post Bottom Ad