ආණ්ඩුව ගැන හොද කියන ගයේෂා - GOSSIP9.WORLD

Post Top Ad

ආණ්ඩුව ගැන හොද කියන ගයේෂා

Share This
කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය නිළියක සේම, නර්තන ශිල්පිණියක හා රූප සුන්දරියක ලෙස ඔබ සැවොම හදුනාගත් ඇය ලගයේෂා පෙරේරාල ය. රංගන ජිවිතයෙන් මදක් ඔබ්බට ගොස් ඈ දේශපාලනය කරලියට එක්වන්නට සුදානමින් සිටින බවත් දැන් බොහෝ දෙනෙක් දන්නා කරුණක්. 

මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රය අතුල පමණක් නොව ඉන් පිටතදීත් රටේ අගමැති තුමන් පිළිබදව කාගේත් අවධානය යොමුවෙලා තියෙන්නේ මෙරටට කුඩු ගෙන්වීමට දායක වුණු චෝදනාවත් සමගිනි. එහෙත් ගයේෂා නම් අගමැතිතුමන්ට එල්ල වුණු චෝදනාව එක හෙළාම ප්‍රතික්ෂේප කරන්නේ එතුමා මෙරටේ සිටින සැදැහැති බෞද්ධයකු වන බැවින් කිසිදු දිනක ඔහු එවන් දෙයක් නොකරනු ඇති බව පවසමිනි.

ඒත් සමගම ගයේෂා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ විනයක් වගේම වැදගත් ප්‍රතිපත්තියක් තිඛෙන පක්ෂයක් බවත්, පක්ෂයට අගෞරව කරන පක්ෂයේ නීතියට පටහැනිව යන ප්‍රාදේශීය නියෝජිතයන් නිවැරදි ක්‍රියාමාර්ගවලට යොමු කිරීම ඉතාම සුදුසු බවත් පැවසුවේ අයවැයට විරුද්ධව ඡන්දය දෙන මහජන නියෝජිතයන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරණය පිළිබදව සිය අදහස් දක්වමිනි.

මහින්ද චින්තනයට අනුව අබා, සිරි පැරකුම්, සිරි දළදාව වැනි චිත්‍රපට සහ ජාත්‍යන්තර සම්මානය සදහා හදන ෆ්ලයින් ෆිෂ්, සුළග එනු පිණිස වැනි චිත්‍රපට අතර වෙනසක් තිඛෙන බවත් රෑට කොළබ පදින කාර් රේස් පිළිබදවත්, විපක්ෂයේ හැසිරීම ගැන මෙන්ම ගණිකා ව්‍යාපාරය සහ කැසිනෝ පිළිබදව ඇගේ අදහස මෙවැන්නකි.

" මුලින්ම කියන්න ඕනේ අබා, සිරි පැරකුම්, මහින්ද චින්තනයට අනුව හදනවා කියන එක වැරදියි. මහින්ද චින්තනය කියන්නේ දේශීය චිත්‍රපට නගාසිටුවීමට උදව් කරනවා කියලා. ෆ්ලයින් ෆිෂ්, සුළග එනු පිණිස තුළින් කතා කරන්නේ කාලින ප්‍රශ්න, යතාර්ථවාදීව නිදහස්ව පෙන්වන චිත්‍රපට. නමුත් අනිත් චිත්‍රපටවලින් කතා කරන්නේ අපේ ඉතිහාසය ගැනයි.

ලෝකයේ රටවල් දිහා බැලුවොත් හුගාක් නළු නිළියෝ දේශපාලනය කරනවා. ඒ හැම කෙනෙක්ම ආචාර්ය උපාධිය අරගෙන ආපු අය නෙවෙයි. ජනතාවගේ හදවත් තුළ ජිවත්වන නළු නිළියෝ ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් දෙන්න පුළුවන් නම් දේශපාලනය කළාට කමක් නෑ...........


කාලයක් තිස්සේ විපක්ෂය හැසිරෙන විදිහ ගැන ලැජ්ජයි. ජනාධිපතිතුමා රට බේරා ගත්තේ හුගාක් කැපකිරීම් කරලා. කොටින්ගෙන් රට බේරලා දුන්නේ ඒ නායකයාට මානව හිමිකම් චෝදනා එනවා නම් ඒක විහිළුවක්. මේ තුළින් වෙන්නේ විපක්ෂය ජනතාවගේ අප්‍රසාදයට පත්වීමයි.


ලංකාවේ කාර් රේස් පවත්වපු පළමු වතාව මෙය නොවෙයි. නමුත් නයිට් රේස් තියන පළමු වතාව තමයි මේ. මම හිතන්නේ මේක ඉතාම හද දෙයක්. දියුණුව කාරයන රටක් විදිහට ක්‍රීඩාවත් දියුණු විය යුතුයි.


ගණිකා ව්‍යාපාරය කියන්නේ කැසිනෝවලට සතුරු ව්‍යාපාරයක් කියලා කැසිනෝ ව්‍යාපාරික රවී විජේරත්න කියූ කතාව හරි වෙන්න ඇති. මොකද ගණිකා ව්‍යාපාරය කියන්නේ ඇග විකුණන් කන එක, කැසිනෝ කියන්නේ සූදු කෙලින එක. ඕක ඉතින් පැහැදිලිවම දෙකක්නේ. "

No comments:

Post a Comment

Post Bottom Ad