මට ලක්ෂ 35ක් දෙන්න තිබ්බා මම තනියම ගියා
- ඇමැති ෆීලික්ස්
ජාඇල - මිනුවන්ගොඩ පාරේ ඒකල ප්‍රදේශයේ ව්‍යාපාරික නිවෙසකට තවත් පිරිසක් සමඟ කඩාවැදී ඇතැයි කියන සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා එම නිවෙසට අලාභ හානි සිදුකොට ඇති බවට ජාඇළ පොලිසියට පැමිණිලි කොට තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේයෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඇමැතිවරයාට ලැබිය යුතුව ඇතැයි කියන ලක්ෂ 35ක පමණ මුදලක් සම්බන්ධයෙන් මේ ආරවුල සිදුවී ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇති බවයි.
පෙරේදා සවස 2.30ට පමණ සිදුවී ඇතැයි කියන එම ප්‍රහාරයෙන් අදාළ නිවෙසේ ජනේල් 5කට, මල් පෝච්චි සහ පුටු 4කට පමණ අලාභහානි සිදුකොට ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
මේ සම්බන්ධයෙන් Gossip9 කළ විමසුමකදී අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා සඳහන් කළේ තමාගේ බිරියට අයත් සමාගමකින් රුපියල් 35 ලක්ෂයක් වටිනා මාළු මිලදී ගත් මේ ව්‍යාපාරිකයා එම මුදල ආපසු නොගෙවා කල්අරිමින් සිටින නිසා තමා ඔහු සොයා එම නිවෙසට ගිය බවයි.
එහෙත් තමා කිසියම් පිරිසක් සමඟ ගොස් නිවෙසට අලාභහානි සිදුකොට ඇති බවට නඟන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් තමන් එම නිවෙසට ගියේ තනිවම බවත් පැවැසීය.
මේ ව්‍යාපාරිකයා තම බිරියගේ සමාගමෙන් ගත් මාළුවලට ලැබිය යුතු මුදල නොගෙවා ඇති බවට තමන් දැනගත්තේ පෙරේදා බවද එය විමසීමට එහි යෑමට තමන්ට අයිතියක් ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇමැතිවරයාගෙන්ද ප්‍රකාශයක් ලබාගැනීමට කටයුතු කරගෙන යන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

No comments:
Post a Comment