බලාගාර අක්‍රීය වුණාට විදුලි අර්බුදයක් හටගන්නේ නෑලු - GOSSIP9.WORLD

Post Top Ad

බලාගාර අක්‍රීය වුණාට විදුලි අර්බුදයක් හටගන්නේ නෑලු

Share This
විදුලි බලාගාර කිහිපයක් අක්‍රීයවීම හේතුවෙන් රට තුළ විදුලි අර්බුදයක් හට ගැනීමේ අවදානමක් නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. 

සෙසු තාප විදුලි බලාගාර හා ජල විදුලි බලාගාරවලින් ජාතික විදුලි අවශ්‍යතාවයට ප්‍රමාණවත් තරම් විදුලිය සැපයෙන බව එහි සභාපති ඩබ්ලිව්.බී ගනේගල මහතා සඳහන් කරයි. 

කෙසේ වෙතත් නොරොච්චෝල වැනි විදුලි බලාගාර අක්‍රියව පැවති අවස්ථාවක මහවුස්සාකැලේ ජලාශය හිස් කර නව ලක්ෂපාන සහ කැනියන් විදුලි බලාගාර අක්‍රිය තත්ත්වයට පත් කිරීමට තරම් බලධාරීන් අධුරදර්ශී වී ඇති බව ලංකා විදුලි සැපයීම් නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ආනන්ද නිමලරත්න මහතා පවසයි. 

එහෙත් අදාළ බලාගාර නඩත්තු කටයුතු සඳහා වසා දැමුණේ නියමිත කාල පරිච්ජේදයේම බව විදුලි බල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්.බී ගනේගල මහතා පෙන්වා දෙයි. 

විදුලි බලාගාර වසා දමා වැඩි මිලට විදුලිය ලබා ගැනීම මගින් ඉදිරියේ දී විදුලි ගාස්තු ඉහළ යෑමේ අවධානමක් පවතින බවට විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති චෝදනා කරයි. 

No comments:

Post a Comment

Post Bottom Ad