බස්නාහිර හා දකුණ නාමයෝජනා කැඳවීම 16වනදා - GOSSIP9.WORLD

Post Top Ad

බස්නාහිර හා දකුණ නාමයෝජනා කැඳවීම 16වනදා

Share This
විසුරුවා හරින ලද බස්නාහිර සහ දකුණු පළාත් සභා දෙ‍කේ නාම යෝජනා කැඳවීමේ ගැසට් නිවේදනය ජනවාරි මස 16 වැනි බ්‍රහස්පතිදා නිකුත් කිරීමට නියමිතය.

මැතිවරණ කොමසාරිස්වරයා විසින් පළාත් සභා විසුරුවා සතියක් ඇතුළත ප්‍රකාශයට පත් කරන දැන්වීමේ ඒ ඒ දිස්ත්‍රික්කයේ තේරීපත් වන මන්ත්‍රී ධූර සංඛ්‍යාව හා ඒ සඳහා තරඟ කරන අපේක්ෂකයන් සංඛ්‍යාව නාම යෝජනා සඳහා ස්වාධීන කණ්ඩායම් විසින් තැන්පත් කළ යුතු ඇප මුදල් පිළිබඳ සඳහන් කරන බවත් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා ප්‍රකාශ ‍කළේය.

නාම යෝජනා කැඳවූ දිනයේ සිට දින 14 සිට 21 අතර කාලය නාම යෝජනා කාලය බවද එම දිනයේ සිට 21 දින දහවල් 12.00ට නාම යෝජනා භාර ගැනීම අවසන් කරන බව ද එදින ජන්දය පැවැත්වෙන දිනය මැතිවරණ කොමසාරිස්වරයා විසින් ප්‍රකාශයට පත් කරන බවද ඒ මහතා අවධාරණය කළේ ය.

මේ අතර බස්නාහිර හා දකුණ පළාත් සභා මැතිවරණය මාර්තු මස 29 වැනි දින හෝ ඊට ආසන්න සෙනසුරුදා දිනයක පැවැත්වෙන බව ද මැතිවරණ කාර්යාලය අනාවරණය කරයි.

පළාත් සභා දෙක විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනවලට ඊයේ (12) පෙරවරුවේ බස්නාහිර හා දකුණු පළාත් ආණ්ඩුකාරවරුන් වන අලවි මවුලානා මහතා සහ කුමාරි බාලසූරිය මහත්මිය විසින් අත්සන් තැබීමෙන් අනතුරුව ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ පළාත් සභා දෙක විසුරුවා හැරිණි.

බස්නාහිර පළාත් සභාවේ හයවන සභාව සඳහාත් දකුණු පළතේ හත්වන සභාව සඳහාත් සභිකයන් තෝරා පත්කෙරෙන බස්නාහිර හා දකුණු පළාත් සභා දෙකේ පිළිවෙළින් සභිකයන් 104 ක් සහ 57 දෙනෙකු තේරී පත්වීමට නියමිතය.

දැනට බස්නාහිර හා දකුණ පළාත් සභාවන්හි තුනෙන් දෙකේ අති බහුතරයක් ඇති නිදහස් සන්ධානය මෙවර පළාත් සභා දෙකේ ජන්දයට මුහුණ දෙන්නේ බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රී ධූර 68 (බෝනස් මන්ත්‍රී ධුර දෙක සමඟ) හා දකුණේ පළාත් සභාවේ මන්ත්‍රී ධූර 38 (බෝනස් මන්ත්‍රී ධූර දෙක සමඟ) ක් අතැතිවය.

No comments:

Post a Comment

Post Bottom Ad