මම තවම පෙම්වතියක් නෙමෙයි - දුලානි අනුරාධා - GOSSIP9.WORLD

Post Top Ad

මම තවම පෙම්වතියක් නෙමෙයි - දුලානි අනුරාධා

Share This
'ඇහැ‍ලේ‍පොළ කුමාරිහාමි' නම් ඓතිහාසික චරිතයට පණ ‍පොවන දුලානි අනුරාධා ජනප්‍රිය රංගන ශිල්පිණිය වන අතර වෘතියමය ගුරුවරියක්ද වනවා. ගුරු වෘත්තියටත්, රංගනයත් අතරේ කාර්යබහුල ජිවියක් ගෙවන දුලානි පසුගියදා පුවත් පතකට දැක්වූ අදහස් පහතින්. 

" මම කොහොමත් ආසා කළේ නර්තන ගුරුවරියක් වෙන්න. රංගනයටත් කැමැත්ත තිබුණා. ඒත් වෘත්තිය වශයෙන් රංගන ශිල්පිනියක් ‍නෙවෙයි. මොකද මම වෘත්තිය වශයෙන් ගුරුවරියක් කියන එක හිතේ තියාගෙනයි වැඩ කරන්නේ.

නර්තන ගුරුවරියක් විදිහට ඒ පැත්තෙන් විශේෂ දෙයක්. මම මේ අවුරුද්ද ඇතුළත කරන්න බලා‍පොරොත්තු වෙනවා.


මම සේවය කරන්නේ පානදුර සුමංගල බාලිකා විද්‍යාලයේ. මම නිළියක් විදිහට පාසලට යන්නෑ..... මම පාසලට යන්නේ සාමාන්‍ය ගුරුවරියක් විදිහට. ඒත් ළමයින්ට මාව සුවිශේෂියි. මම රංගන ශිල්පිනියක් නිසා ඒ අයගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. නමුත් මම මගේ වෘත්තිය හරියට කරනවා.

පසුගිය කා‍ලේ කුවේණි චිත්‍රපටයත් සමග නිරුවත් දර්ශන ගැන අන්තර්ජාලයෙන් ප්‍රචාරය වුණා. ඒත් එයින් ප්‍රතිරූපයට හානි වුණේ නෑ..... මම ඒ අයත් එක්ක කතා කරලා ඒක විසඳා ගත්තා. අන්තර්ජාලය හරහා අද කෙරෙන්නේ මඩ ගහන්නයි ඕපාදූප ප්‍රචාරයයි විතරයි. ඒ නිසා අද අන්තර්ජාලය කියන්නේ වැරදි දේවලට පාවිච්චි කරන දෙයක්.


මේ ක්ෂේත්‍රයේ ඉන්නකොට මටත් කටකතා හැදෙනවා ඇති. ජනප්‍රිය ඕනෑම කෙනෙක්ට කටකතා හැදෙනවා. නින්දා වගේම ප්‍රශංසාත් අපට ලැබෙනවා. ගොඩක් අය මූණට කියන්නේ නැ. ඒවා ප්‍රචාරය කරනවා විතරයි. සමහර වෙලාවට වෘත්තියට හානිවෙනවා මේ කටකතා නිසා. ඒ වගේම පෞද්ගලික ජීවිතයටත් ඒ කටකතා නිසා හානිවෙනවා.


මම දැන් විවාහය ගැන හිතන්නත් ඕනෑ. ඒ දේවල්වලට වෙලාවක් තියෙනවා. මට සුදුසු ආදරය කරන, මම කැමැති කෙනෙක් ලැබුණු ගමන්ම මම විවාහ වෙනවා. මම විවාහ නොවී ඉන්නේ නෑ...... ඒත් තාම මම පෙම්වතියක් නෙවේ.

No comments:

Post a Comment

Post Bottom Ad