[DEHI NEWS] දිවිනැගුමෙන් කෝටි 79 අපතේ - GOSSIP9.WORLD

Post Top Ad

[DEHI NEWS] දිවිනැගුමෙන් කෝටි 79 අපතේ

Share This
ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් ක‍්‍රියාත්මක කරනු ලබන ‘දිවි නැගුම’ ව්‍යාපෘතිය යටතේ 2012 වසරේදී බෙදා දී තිබෙන කුකුල් පැටවුන් සහ බීජ කට්ටල අදාළ ප‍්‍රමිතියට තිබී නැත. මේ නිසා එම කුකුළු පැටවුන් සහ බීජ සඳහා යොදවන ලද රුපියල් හැත්තෑනව කෝටි හැටඑක්ලක්ෂ දොළොස්දහස් පන්සිය අසූහතක් (රුපියල් 796,112,587/=) ඇති බව 2012 විගණකාධිපති වාර්ෂික වාර්තාවෙන් හෙළිවී තිබේ.

ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ලේකම්ගේ අංක 02/2012 දරන චක‍්‍රලේඛය අනුව දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල 25ම ආවරණය වන පරිදි ‘ගම් කුකුළු’ පැටවුන් 488,780ක් ලබාදීමට නියමිතව තිබුණි. එහෙත් ‘ගම් කුකුළු’ පැටවුන් වෙනුවට ලබාදී තිබෙන්නේ ‘ෆාම් කුකුළු’ පැටවුන්ය.

දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල 25ට බීජ කට්ටල් 7,509,406ක් ලබාදීමට රුපියල් හැටතුන් කෝටි තිස්ලක්ෂ හැත්තෑ තුන්දහස් හාරසිය පනස් හතක් වැයකර තිබේ. මෙසේ ලබාගත් බීජ වර්ග ජීවානුහරණය නොකළ ඒවා වීමෙන් මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අසාර්ථකව ඇති බව විගණකාධිපති වාර්තාව විසින් පෙන්වා දී තිබේ.

ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ විසින් ආරම්භ කරන ලද ප‍්‍රථම ව්‍යාපෘති දෙක සම්පූර්ණයෙන්ම අසාර්ථක වුවද 2014 ජනවාරි 01 වැනිදා සිට ‘දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව’ ආරම්භ කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad