කුඩු කන්ටේනරය හිමිකරු සමඟ එකට කෑම කෑ බව අගමැති කියයි - GOSSIP9.WORLD

Post Top Ad

කුඩු කන්ටේනරය හිමිකරු සමඟ එකට කෑම කෑ බව අගමැති කියයි

Share This
සෝපිත හිමිට අගමැතිගෙන් කාන්තා චෝදනා 

මෙරට මහත් ආන්දෝලයක් ඇතිකල හොරොයින් කන්ටේනරය හිමිකරු සමඟ තමන් එක මේසයේ ආහාර ගත් බව ඇගමැති දි.මු. ජයරත්න මහතා පවසයි.

තමන් නිවසේ ආහාර ගනිමින් සිටියදී තම ලේකම්වරයෙකු වූ විට්ටච්චි පැමිණ යහළුවෙක් අඳුන්වා දුන් බවත් තමන් ඔහුටද කෑමට ආරාධනා කල බවත් ඒ මහතා කියා සිටියේ ගම්පොල ප‍්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමිනි.


ඔහුගේ බඩු තොගයක් මාස ගණනාවක් තිස්සේ රේගුවෙන් රඳවාගෙන ඇති බව හා ඊට සහනයක් සලසා දෙන ලෙස ඉල්ලා සිටි බව කී අගමැතිවරයා ඒ සඳහා තම පුතු මැදිහත් වූ බවද කීවේය.


කෙසේ වෙතත් එම පුද්ගලයා ගෙනැවිත් ඇත්තේ හෙරොයින් වග තමක් හෝ තම පුතු නොදැන සිටි බවද ඒ මහතා කියා සිටියේය.

ජාතික හෙල උරුමයේ නායක  ඕමල්පේ සෝපිත හිමියන්ට චෝදනාවක්ද එල්ල කරමින් අගමැතිවරයා එහිදී කියා සිටියේ පළාත් පාලන මැතිවරණයේදී ගම්පොළ නගර සභාව නියෝජනය කිරීම සඳහා අපේක්ෂිකාවක් ඉදිරිපත් කිරීමට උන්වහන්සේ කළ යෝජනාව තමන් ප‍්‍රතික්ෂේප කිරීම මෙලෙස දිගින් දිගටම චෝදනා එල්ල කිරීමට හේතුවක් බවයි.

එම වීඩියෝව හා අගමැතිගේ කතාව පහතින්;


" වෙන අමාත්‍යාංශ වල ඉන්නේ ලේකම්ලා එක්කෙනයි. ඒත් මට දහ දෙනෙක් ඉන්නවා. එක එක්කෙනාට එක එක වැඩ බාර දීල තියෙන්නේ. මේ විට්ටච්චි ආවා.

ආ වාඩි වෙන්න, යාලුවෙක් ඉන්නවා. කෑම ටිකක් කමු. ආ එන්ඩ කියන්න එන්ඩ කියන්න. ආවා. මෙයා ලංකාවේ මනුස්සයෙක් නෙවෙයි. මම කවුද කියලා අහපුවහම කිව්වා අම්මා ඩුබායි ඉන්නවා, මමත් එහේ ගියා, එතකොට මෙයා ඇවිල්ලා තියනවා...ආ එහෙමද, එහෙනම් කෑම ටිකක් කමු කිව්ව


එතකොට මෙයා තේකොල ගෙනියන්නද මොනවද ගෙනියන්න ආවා, මට හරියටම මතක නෑ. පස්සේ වත්තක් බලන්නත් ගිහින් තියනවා. එතකොට පුතාට කියලා තියනවා මෙයා , කවුද විට්ටච්චි, මෙයා මගේ යාලුවෙක්. බඩුවගයක් ගෙනල්ලා තියනවා. මාස දෙකක් විතර වරායේ තියෙන්නේ ගන්ඩ විදිහක් නෑ, හරි මුදලක් අය වෙලා තියනවා මාස දෙකක් නිසා, ඒක ටිකක් අඩු කරලා හදලා දෙන්න කියලා


පුතා කතා කරලා කියලා තියනවා කීර්තිට, මේක පොඩ්ඩක් බලන්නකෝ කියලා. එච්චරයි.


මෙයා දන්නේ නැතුව ලිව්වද කොහොම ලිව්වද දන්නේ නෑ, ලියුමක් ලියලා තියනවා. ඒක ඇත්ත. එයා දන්නෙත් එච්චරයි. විට්ටච්චි දන්නෙත් ඔච්චරයි. පුතා දන්නෙත්, මම දන්නෙත් එච්චරයි.


පස්සේ මේක ඇරලා බලනකොට ටින් වල හෙරොයින් කියන එක තිබිලා තියනව,


සෝභිත කියලා චීවරධාරියෙක් කියලා තියනවා මේ විදිහට හෙරොයින් වලට ලියුම් යවලා තියනවා කියලා. අගමැති රිමාන්ඩ් කරන්න කියලා. අගමැති අස්වෙන්න ඕනේ කියනවා. ඉතින් බලන්න, සිවුරක් පොරවාගත්ත මනුස්සයෙක් ඔය විදිහට කතා කරනවදා? එයාට පොලිස් බලතල තියනවද? නඩුකාරයෙකුට විතරයි කියන්න පුළුවන්


මෙයා ගම්පොල නගරසභාවට බවලත් කෙනෙක් දාන්න හැදුවා. දැම්මේ නෑ. ඕන්න විරුද්ධ වෙන්න හේතුව. "



No comments:

Post a Comment

Post Bottom Ad