බෝගම්බර රැදවියන් තවමත් වහලේ - GOSSIP9.WORLD

Post Top Ad

බෝගම්බර රැදවියන් තවමත් වහලේ

Share This
මරණ දඬුවමට නියම වූ රැදවූවන් පිරිසක් බෝගම්බර බන්ධනාගාරයේ වහළයක් මත නැග ආරම්භ කළ විරෝධතාවය තවදුරටත් ක‍්‍රියාත්මක වේ.

බන්ධනාගාර කොමසාරිස් කේ.එම්.ජී.පී. කුලතුංග මහතා සඳහන් කළේ මරණ දඬුවම් නියම වූ රැදවියන් 26 දෙනෙකු විරෝධතාවයට එක්ව සිටින බවයි. ගැටළුව විසඳීමට සාකච්ඡා ආරම්භ කළද මෙතෙක් ස්ථිර විසඳුමකට එළඹීමට නොහැකි වූ බවද ඒ මහතා කියා සිටියේය.

මරණීය දණ්ඩනයට නියම වී සිටින සිරකරුවන් මුහුණ පා ඇති ගැටළු දැනටමත් අදාළ බලධාරීන් වෙත යොමු කර ඇතැයි ද කොමසාරිස්වරයා පැවසිය.

තමන්ට මරණ දඬුවම නියම කරන ලෙසට හෝ නිදහස් කරන ලෙසට බලකරමින් මෙම රැදවූවන් පිරිස පෙරේදා  සිට මෙම විරෝධතාව ආරම්භ කර ඇත.

මේ අතර බෝගම්බර බන්ධනාගාරයේ උපවාසයේ නිරත සිරකරුවන්ගෙන් තුන් දෙනෙකු සිය උපවාසය ඊයේ අත්හැර දැමුවේය.

මේ අතර, තමන්ගේ නම සඳහන් කරමින් රැඳවියන් නගන චෝදනා පිළිබඳව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ඊයේ උඩුනුවර පැවති උත්සවයකදී අදහස් පල කළේය.

" ඒ කාරණේ කොටසක් සත්‍යයක්. ඒක තමයි ඒ වලපනේ කොටඹේ සිද්ධියට අදත්සිර දඩඩුවම් විදින පස්දෙනා සීයට සීයක් නිවැරදි බව මුළු නුවර එළිය දිස්ත්‍රික්කයේ සියලුම විහාරාධිපති හාමුදුරු ගොල්ලන් කියනවා. මේ සමාව ඉල්ලපු ලියකියවිල්ලේ මම අත්සන් කළා. නවීන් දිසානායක ඇමතිතුමා අස්සන් කළා. තොණ්ඩමන් ඇමතිතුමා අස්සන් කළා. සීබී රත්නායක ඇමතිතුමා අස්සන් කළා. ඉතාම වැදගත් නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ සියලුම පළාත්සභා ඇමතිවරු මේ අය නිවැරදියි මේ අයට සමාව දෙන්න කියල අත්සන් කළා. ජනාධිපතිතුමාට යැව්ව විශේෂ අභියාචනයේ. ඒකනිසා තමයි ජනාධිපතිතුමා ඒ අයගේ මරණීය දඩුවම නිදහස් කළේ. අපි තවමත් කටයුතු කරගෙන යන්නේ මේ අය නිදහස් කරගෙන යන්න. මේ අය සම්පූර්ණයෙන් අහිංසක අය. "

No comments:

Post a Comment

Post Bottom Ad