වසරකට පාසල් සිසුන් 600ක් මියයයි ! - GOSSIP9.WORLD

Post Top Ad

වසරකට පාසල් සිසුන් 600ක් මියයයි !

Share This
හදිසි අනතුරු හේතුවෙන් පාසල් යන වයසේ දරුවන් 600ක් දෙනා වසරකට ජීවිතක්ෂයට පත් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

දරුවන් 18,000ත් 20,000ත් අතර සංඛ්‍යාවක් වාර්ෂිකව අතපය කඩා ගැනීම්වලට ලක් වන බවත් අනතුරුවලින් සියයට 90 ක් වළක්වා ගත හැකි ඒවා බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම අනතුරුවලට හේතුව වැඩිහිටියන්ගේ නොසැලකිලිමත්කම බව යැයිද අමාත්‍යංශය පවසයි.

වසර 2012 දී කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට දරුවන් 2,691 දෙනකු ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ බවත් ඉන් 274 දෙනෙකු පාසල තුළදී හදිසි අනතුරුවලට ලක් වූ දරුවන් බවත් රෝහල් වාර්තා සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad