18 වංගුවට ගල් පෙරලිලා - GOSSIP9.WORLD

Post Top Ad

18 වංගුවට ගල් පෙරලිලා

Share This

තෙල්දෙණිය හරහා මහියංගනය, මහනුවර මාර්ගයේ 18 වංගුව ප්‍රෙද්ශයේ 03 සහ 04 වංගු අතරට අද (14) අලුයම විශාල ගල් කිහිපයක් පෙරළීම හේතුවෙන් එහි වාහන ගමනාගමනයට බාධා පැමිණ තිබේ.

උඩුදුම්බර සහ හසලක අතර මාර්ගය අසළ සිදුවු නායයාමක් හේතුවෙන් ඊට ගලක් පෙරළී ඇති බව වාර්තාවන අතර මේ නිසා එම මාර්ගයේ වාහනවලට ගමන් කළ නොහැකි වී ඇති බවත් විකල්ප මාර්ගයක් ලෙස රන්දෙණිගල මාර්ගය භාවිතා කරන ලෙසත් රථවාහන පොලීසිය පවසයි.

මේ වනවිට එම මාර්ග තාවකාලිකව වසා දැමීමට සිදුව ඇතැයි පොලීසිය කියයි.

මෙඑහි හතරවැනි වංගුව අසළින් පාරට ගල් පෙරලීම මෙයට හේතුවී ඇත. පොලීසිය ඉල්ලා සිටියි. පැය කිහිපයක සිට මගීන් එහි සිරවී සිටන බවත් දිගු රථවාහන පොලිමක් දක්නට ලැබෙව බවත් වාර්තාවේ. එහි කුඩා ගල් ඉවත් කර සැහැල්ලුවාහන සඳහා පාර සකසා දීමට බැකෝ යන්ත්‍රයක් හෝ පැමිණිය යුත බවත් විශාල ගල් ඉවත් කිරීමට බෝර යොදා එය පුපුරුවා හැරිය යුතු බවත් මාර්ග සංවර්ධන නිලධාරීහු පවසති.

No comments:

Post a Comment

Post Bottom Ad