එතනෝල් කන්ටේනර් 15ක් හොරෙන් පිටකරලා - GOSSIP9.WORLD

Post Top Ad

එතනෝල් කන්ටේනර් 15ක් හොරෙන් පිටකරලා

Share This
2013 වසරේ සිට මේ දක්වා විදේශීය රටවල සිට මෙරටට රැගෙන ආ එතනෝල් කන්ටේනර් කොළඹ වරායේ සිට හොර රහසේ පිට කරගෙන ගොස් ඇත්තේ එකම ලොරි තට්ටුවක බවත්,  ඒ අනුව මෙතෙක් අත්අඩංගුවට පත්වූ එතනෝල් කන්ටේනර්වලට අමතරව තවත් එතනෝල් කන්ටේනර් 15ක් පමණ ආරක්ෂක අංශවලට හසු නොවී ඉතා සූක්ෂ්ම ලෙස මෙම ලොරියෙන් ප්‍රවාහනය කර ඇති බවත් රේගු පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි.

එම ලොරිය කැලණිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකුගෙන් මීට වසරකට පමණ පෙර මිලදීගෙන ඇත්තේ පසුගියදා මැ‍ලේසියාවේ සිට තාර ගෙන්වන මුවාවෙන් එතනෝල් ආනයනය කර තිබූ පුද්ගලයා බවද සඳහන් වේ. ඔහු මෙම ලොරියේ හිමිකරු වශයෙන් සිය පුත්‍රයාගේ නම සඳහන් කරමින් මිලට ගෙන ඇති අතර මේ වනවිට ඔහුගේ පුත්‍රයාද පරීක්ෂණ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් ලොරිය නීත්‍යනුකූල ලෙස පවරා ගැනීම සඳහා මේ වනතෙක් ඊට අදාළ ලියකියවිලි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවද හෙළිවී තිබේ. එසේ ලබාගත් ලොරිය වයඹ ප්‍රදේශයේ ආනයන සමාගමක් වෙනුවෙන් භාවිත කර ඇති අතර එම සමාගමද ව්‍යාජ සමාගමක් බව දැනගන්නට ඇත.

අඩි 20 කන්ටේනරයක් රැගෙන යාහැකි මෙම ලොරියෙන් රැගෙන යන ලද එතනෝල් කන්ටේනර් බෙදී යන ලද ස්ථාන පිළිබඳව විශේෂ පරීක්ෂණයක්ද මේ වනවිට ආරම්භ වී තිබේ.

ඊට අමතරව එම ලොරියෙන් එතනෝල්වලට අමතරව වෙනත් නීතිවිරෝධී ආනයනද ප්‍රවාහනය කර ඇති බවට රේගුව සැක පහළ කරයි.

2013 වර්ෂයේ සිට මේ දක්වා එකම සංවිධානාත්මක ජාලයක් මෙහෙයවීමෙන් ගෙන එන ලද එතනෝල් කන්ටේනර් 11ක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad