වසරේ ටෙස්ට් හා එක්දින පිල් එළිදක්වයි - GOSSIP9.WORLD

Post Top Ad

වසරේ ටෙස්ට් හා එක්දින පිල් එළිදක්වයි

Share This
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මේ වසරේ ටෙස්ට් හා එකදින ජාත්‍යන්තර කණ්ඩායම් අද (03) දිනයේදී නම් කර තිබේ.

මේ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචර්ඩ්සන් විසින් මුම්බායි හි පැවති මාධ්‍ය හමුවකදී නිවේදනය කර තිබේ.

ක්‍රීඩකයන් 12ක ගෙන් සමන්විත වන ටෙස්ට් කණ්ඩායමට එංගලන්ත ක්‍රීඩකයන් තිදෙනෙකු, ඉන්දීය ක්‍රීඩකයන් තිදෙනෙකු, දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් සිවුදෙනෙකු හා ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් දෙදෙනෙකු එක්ව සිටියි.

දකුණු අප්‍රිකාවේ ඩේල් ස්ටේන් මෙම කණ්ඩායමට එක්ව සිටින්නේ ජයග්‍රාහී සයවැනි වරටයි.

මේ අතර, ක්‍රීඩකයන් 12කගෙන් සමන්විත වන එකදින ජාත්‍යන්තර කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් තිදෙනෙකු එක්ව සිටියි. ඒ, තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර හා ලසිත් මාලිංග ය.

මීට අමතරව, ඉන්දීය ක්‍රීඩකයන් තිදෙනෙකු, දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් දෙදෙනෙකු ද පකිස්තානය, ඕස්ට්‍රේලියාව, එංගලන්තය හා නවසීලන්තය යන රටවලින් එක් ක්‍රීඩකයෙකු බැගින්ද මෙම කණ්ඩායමට එක්ව සිටියි.

මෙම කණ්ඩායමට ඉන්දියාවේ මහේන්ද්‍ර සිං දෝනි නම් කර ඇත්තේ ද පිටපිට සයවැනි වසරටයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කර ඇති වසරේ ටෙස්ට් හා එක්දින ජාත්‍යන්තර කණ්ඩායම් මෙසේය.

වසරේ ටෙස්ට් පිළ (පන්දුවට පහරදෙන පිළිවෙළට අනුව)

ඇලස්ටෙයා කුක් ( නායක , එංගලන්තය )
චෙටෙශ්වර පුජාරා ( ඉන්දියාව )
හෂිම් අම්ලා ( දකුණු අප්‍රිකාව )
මයිකල් ක්ලාක් ( ඔස්ට්‍රේලියාව )
මයිකල් හසී ( ඔස්ට්‍රේලියාව )
ඒ බී ඩී විලියර්ස් ( දකුණු අප්‍රිකාව )
එම් එස් දෝනි ( කඩුලු රකින්නා/ඉන්දියාව )
ග්‍රේම් ස්වෝන් ( එංගලන්තය )
ඩේල් ස්ටේන් ( දකුණු අප්‍රිකාව )
ජේම්ස් ඇන්ඩර්සන් (එංගලන්තය )
වර්නන් ෆිලැන්ඩර් ( දකුණු අප්‍රිකාව )

12වෙනි ක්‍රීඩකයා : රවිචන්ද්‍රන් අශ්වින් (ඉන්දියාව )

වසරේ එක්දින ජාත්‍යන්තර පිළ (පන්දුවට පහරදෙන පිළිවෙළට අනුව)

තිලකරත්න දිල්ෂාන් ( ශ්‍රී ලංකාව )
ශිකර් ධාවන් ( ඉන්දියාව )
හෂීම් අම්ලා ( දකුණු අප්‍රිකාව )
කුමාර් සන්ගක්කාර ( ශ්‍රී ලංකාව )
එම් එස් දෝනි ( නායක/ කඩුලු රකින්නා/ඉන්දියාව )
රවින්ද්‍ර ජඩේජා ( ඉන්දියාව )
සජීඩ් අජ්මාල් (පකිස්තානය )
මිෂෙල් ස්ටාක් ( ඔස්ට්‍රේලියාව )
ජේම්ස් ඇන්ඩර්සන් (එංගලන්තය )
ලසිත් මාලිංග ( ශ්‍රී ලංකාව )

12වෙනි ක්‍රීඩකයා : මිෂෙල් මැක්ලෙනගන් (නවසීලන්තය )

No comments:

Post a Comment

Post Bottom Ad