පිටිදුවේ හිමිගේ අභියෝගය හෑගොඩ විපස්සි හිමි භාර ගනී - GOSSIP9.WORLD

Post Top Ad

පිටිදුවේ හිමිගේ අභියෝගය හෑගොඩ විපස්සි හිමි භාර ගනී

Share This
තමන් අරහත් බව ලබා ගත් බවත් ඒ සම්බන්ධයෙන් වන විවාදයකට ඒ සඳහා ගැලපෙන සුදුසුකම් ඇති ආක් සමඟ සහභාගී වීමට සූදානම් බවටත් දෙහිවල බෙල්ලන්තර ශ‍්‍රී සඳහම් ආශ‍්‍රමවාසී ශ‍්‍රී සමන්තභද්‍ර (පිටිදුවේ සිරිධම්ම) හිමියන් විසින් සිදු කරනු ලැබූ අභියෝගය භාර ගැනීමට තමන් වහන්සේ සූදානම් බව රත්මලාන ධර්ම පර්යේෂනාල ප‍්‍රධානී හෑගොඩ විපස්සි හිමියන් පවසති.

ගොසිප්9 වෙත අදහස් දක්වමින් උන් වහන්සේ පෙන්වා දුන්නේ සති අන්ත පුවත්පතක් හරහා සිරිධම්ම හිමියන් විසින් තමන් වහන්සේ ඇතුළු භික්‍ෂූන් වහන්සේලා සිවුනමක් සම්බන්ධයෙන් පල කර ඇති ලේඛණ ද්වේශ සහගතව සකස් කරන ලද්දක් බවත් රහතන් වහන්සේ නමක් යනු ද්වේශ නැසූ පුද්ගලයෙක් බවත්ය. සිරිධම්ම හිමියන්ගේ පාපකාරී හැසිරීම් රටාව තුල අඩුම කරමේ මාර්ගඵල ලාභියෙකුවන් විය නොහැකි යයිද උන්වහන්සේ අදහස් පල කලහ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඉදිරි සතිය තුල සාකච්චා කර සිරිධම් හිමියන් හා විවෘත සංවාදයක යෙදීමට තමන් වහන්සේ සූදානම් බවත් සඳහන් කරන උන් වහන්සේ එහිදී රහත් බව සම්බන්ධයෙන් තීරණය කල හැකි යයිද සඳහන් කරති.

No comments:

Post a Comment

Post Bottom Ad