හෙරොයින් කිලෝ 10ක් සමග තරුණයින් තිදෙනෙකු හික්කඩුවේ නිවසකින් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කියයි.
ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණ සිටියදී හෙරෝයින් සමග අත්අඩංගුවට ගත් ලයිබීරියා ජාතිකයකුගෙන් සිදු කළ ප්‍රශ්නකිරීම්වලදී ලැබුනු තොරතුරු මත මෙම වැටලීම සිදුකර තිබේ.
මෙය මෙතෙක් දකුණු පළාතෙන් සොයාගත් විශාලතම හෙරොයින් තොගය බව වැටලීම සිදුකල පොලිස් නිලධාරීහු පවසති.
මේ වනවිට එම සැකකරුවන්ගෙන්ද ප්‍රශ්න කරගෙන යන බවත් මෙම කුඩු තොගය සමග ඇති බලවතෙකුගේ සම්බන්ධයක් ගැන ඉඟි පහළ වෙමින් පවතින බවත් පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
පසුගියදා පොලිස් වෙඩි පහරින් මිය ගිය කැටයම් චින්තක නැමැත්තා සම්බන්ධ සිදුවීමද හෙරෝයින් වැටලීමක් හා සම්බන්ධව තිබූ අතර නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර මහතාගේ නමද එම සිදුවීම හා සම්බධවී තිබුණි.

No comments:
Post a Comment