නාමල්ගේ නයිට් රේස් පාරට දෙකෝටි පහළොස් ලක්ෂයක් - GOSSIP9.WORLD

Post Top Ad

නාමල්ගේ නයිට් රේස් පාරට දෙකෝටි පහළොස් ලක්ෂයක්

Share This
පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ සභාපතිත්වය දරන කාල්ටන් සුපර් ස්පෝට්ස් ක‍්‍රීඩා සමාජය විසින් තෙවෙනිවරටත් සංවිධානය කරනු ලබන කලම්බු නයිට්රේස් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගය දෙසැම්බර් මස 16 සහ 17 වෙනි දිනවල කොළඹ කොටුව ආශ‍්‍රිතව පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ධාවන මංතීරු දෙපස වැලිකොට්ට ඇතිරීම මේ දිනවල සිදුකෙරෙන අතර එම කාර්යයේ නිරතවන්නේ යුද හමුදා සෙබළුන්ය. 

ආරක්ෂිත වැලිකොට්ට ඇතිරීම රාත‍්‍රී කාලයේදී සිදුකෙරේ. මෙම වැලිකොට්ට ඇතිරීම සහ ධාවන මංතීරු සකස්කිරීම සඳහා රුපියල් දෙකෝටි පහළොස් ලක්ෂයක (21,500,000/=)ක මුදලක් වැය කෙරෙන බව වාර්තා වේ.


කොළඹ කොටුව නයිට්රේස් ඇරඹුණේ 2011 වසරේදීය. 2012 වසරේ ඒ සඳහා ලැම්බෝගිනි ඇතුළු මෝටර් රථ මෙරටට තීරුබදු රහිතව ආනයනය කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් විශේෂ බදු සහනද පිරිනමන ලදී.

ඉකුත් වසරේ කලමියු නයිට් රේස් සඳහා ආණ්ඩුව වැයකළ මුදල රුපියල් කෝටි 15 කි. එම වසරේ නයිට් රේස් අවසන් වූ වහාම පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 10/= කින් ඉහළ දැමිණ. ඉකුත් වසරවල මෙන්ම මෙම වසරේද, ධාවන පථ සකස්කිරීම, වේදිකා තැනීම, මාර්ග පවිත‍්‍ර කිරීම ආරක්ෂාව සැපයීම ඇතුළු සියලූ කාර්යයන් ආරක්ෂක අංශවලට පවරා තිබේ.





No comments:

Post a Comment

Post Bottom Ad